Colombo Today Local News

රාජකාරී වේලාවේදි පෞද්ගලික වෛද්‍ය සෙවෙයේ යෙදුණ වෛද්‍යවරු අල්ලයි

රාජකාරී වේලාවේ දී පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදුණු වෛද්‍යවරුන් තිදෙනෙකු පිළිබද විමර්ශණයක් සෞඛ්‍ය අමාත්‍යාංශය ආරම්භ කර ඇත.

අමාත්‍යාංශයේ හදිසි වැටලීම් ඒකකය විසින් මෙම වෛද්‍යවරුන් තිදෙනා රාජකාරී වේලාවේ දී පෞද්ගලික වෛද්‍ය සේවා කටයුතු සිදු කරමින් සිටිය දී හසුකර ගන්නා ලදි.

ඒ මාවනැල්ල, වලපනේ සහ කොස්ගොඩ පිහිටි පෞද්ගලික රෝහල් 03 ක දීය. මාවනැල්ල මූලික රෝහලට අනුබද්ධව සේවය කරන එක් වෛද්‍යවරයෙක් පෙරවරු 9.45 ට පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදී සිටිය දී හසුකර ගත් අතර, වලපනේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක දී වෛද්‍යවරියක් පෙරවරු 12.00 ට හසුකර ගන්නා ලදි.

එම වෛද්‍යවරිය වලපනේ දිසා රෝහලේ සේවය කරයි. කොස්ගොඩ පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක දී තවත් වෛද්‍යවරයෙක් පෙරවරු 8.40 ට පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදී සිටිය දී හසුකර ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි වැටලීම් ඒකකය සඳහන් කරයි. මෙම වෛද්‍යවරයා කොස්ගොඩ මධ්‍යම බෙහෙත් ශාලාවට අනුයුක්තව සේවය කරයි.

මෙම වෛද්‍යවරුන් තිදෙනා පිළිබද මූලික විමර්ශණයක් සිදු කර චෝදනා පත ගොනු කිරීමෙන් පසු රාජ්‍ය සේවා කොමිසන් සභාව වෙත දැනුම් දීමට නියමිතය.

Related posts

හැදුවේ පාස්කරලිංගම් , කියෙව්වේ රවී – 2016 අයවැය පටලැවිල්ලේ රහස!

colombotoday

ලොව පුරා කොරෝනා මරණ 40,000 ඉක්මවයි

colombotoday

කුඩා තේවතු හිමියන්ට සහනාධාර ක්‍රමයකට යූරියා බෙදා දිමට පියවර

Admin

පාතාලයා අල්ලපු උප්පැන්නය ලියාගන්න කට්‌ටිය පොරකනවා. – ජනපති කියයි

colombotoday

මාදම්පේ ජනතාවගේ දේව කන්නලව්ව

colombotoday

චම්පික – රතන හිමි “වස විස විරසකය” කැබිනෙට්ටුවේදී පත්තු වෙයි

colombotoday