Colombo Today Local News

නව වසරේ පාර්ලිමේන්තුව රැස්වන දිනය වෙනස් වෙයි

පාර්ලිමේන්තුව නව වසරේ රැස්වන දිනය වෙනස් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (12)දින තීරණය කළේය.

මේ අනුව පාර්ලිමේන්තුව ලබන වසරේ පළමු වරට රැස්වන්නේ ජනවාරි මස 5 වැනිදාය.

පාර්ලිමේන්තුව නව වසරේ ජනවාරි මස 17 වැනිදා රැස්වීමට මීට ඉහතදී තීරණය කර තිබිණ.

මේ අතර මේ වසරේ අවසාන පාර්ලිමේන්තු රැස්වීම හෙට (13) පැවැත්වේ.

මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීම අද (12)දින සිදු කෙරේ.

මේ අනුව පාර්ලිමේන්තුව අද රැස්වීමෙන් පසු නැවත රැස් වන්නේ දින විසි තුනකට පසුවය.

Related posts

මුඛ පිළිකා රෝගීන් 09 ගුණයකින් ඉහළට

colombotoday

ඇමති චම්පික රණවකට එරෙහිව ප්‍රබල චෝදනාවක් ! (Video)

colombotoday

නව රාජ්‍ය තාන්ත්‍රිකයින් 17 ක් අක්තපත්‍ර භාර දෙයි

colombotoday

IMF වාර්ෂික සමුළුව අද ඇරඹේ

Admin

ඥානසාර හිමි කියපු දේ ඇත්ත වෙලා -උන්වහන්සේ නිදහස් කළ යුතුයි – විජේදාස රාජපක්ෂ

colombotoday

මෙරට ජාතික උරුමයන් නම් කිරීමට විද්වත් කමිටුවක්.

colombotoday