World

25ට අඩු අයට ෆාමසිවලින් නොමිලේ කොන්ඩම්

අනවශ්‍ය ගැබ්ගැනීම් වැළැක්වීමේ පියවරක් ලෙස වයස අවුරුදු 18-25 අතර තරුණ තරුණයින්ට ඉදිරියේදී ඖෂධ හල්වලින් නොමිලේ උපත් පාලන කොපු ලබා ගත හැකිවනු ඇතැයි ප්‍රංශයේ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසයි.

බටහිර ප්‍රංශයේ තරුණයින් සමග සෞඛ්‍ය පිලිබඳ පැවති විවාදයක් අතරතුර, “එය ගැබ්ගැනීම වැළැක්වීම සඳහා කරන කුඩා විප්ලවයක්,” යනුවෙන් ඔහු ප්‍රකාශ කර ඇත.

වියදම් දරාගත නොහැකි වීම හේතුවෙන් වයස අවුරුදු 18ට අඩු තරුණියන්ට උපත් පාලනය කිරීමෙන් වැළකී නොසිටින්නැයි දියත් කළ වැඩසටහනක දිගුවක් ලෙස ප්‍රංශ රජය වයස අවුරුදු 25ට අඩු සියලු තරුණියන්ට නොමිලේ උපත් පාලන ලබාදීම ආරම්භ කිරීමෙන් පසුව මෙම පියවර ගෙන ඇත.

ඒඩ්ස් ඇතුළු ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලට එරෙහිව සටන් කිරීමට ගත් පියවරක් ලෙස වෛද්‍යවරයෙකු හෝ වින්නඹු මාතාවක් විසින් නිර්දේශ කරනු ලැබුවහොත් ජාතික සෞඛ්‍ය සේවා පද්ධතිය මගින් කොන්ඩම් සඳහා යන වියදම් දැනටමත් නැවත ලබා දීම සිදු කරන බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කර තිබේ.

සමස්තයක් ලෙස ලිංගික අධ්‍යාපනය ගැන ගත් කල, “මේ විෂය ගැන අපිට හොඳ අවබෝධයක් නැහැ. න්‍යායාත්මක කරුණුවලට වඩා යථාර්තය බොහෝ වෙනස්. අපේ ගුරුවරුන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දිය යුතු විෂයයක් මේක,” ජනාධිපති මැක්‍රොන් ප්‍රකාශ කර ඇත.

Related posts

මියන්මාර් හමුදාව බලය අත්පත්කරගැනීම එක්සත් රාජධානිය හෙළා දකියි.

colombotoday

බෙන්ජමින් ‍නෙතන්යාහුගේ වසර 12ක පාලනය අවසන් කරමින් ඊශ්‍රායලයට නව අගමැතිවරයෙක්

colombotoday

බ්‍රිතාන්‍යයේ ආර්ථිකය ශක්තිමත් වීමට වසර තුනක් ගතවේවි

colombotoday

ඉන්දියාවේ ගුවන් අනතුරින් පුද්ගලයින් 17 දෙනෙකු මරුට

colombotoday

මුස්ලිම් රාජ්‍යයන් ප්‍රංශයට දැඩි ලෙස පහර දෙද්දී ඉන්දියාව ප්‍රංශය වෙනුවෙන් සිටගනියි.

colombotoday

ජපානයේ රික්ටර් මාපක 7.4ක ප්‍රබල භූකම්පනයක්

Admin