Colombo Today Local News

වන ජීවී දෙපාර්තමේන්තුවට වාර්තාගත ආදායමක්

නොවැම්බර් මස 30 වන දා සහ දෙසැම්බර් මස 5 වන දා අධිසුඛෝපභෝගී සංචාරක නෞකා දෙකෙන් මෙරටට පැමිණි සංචාරකයින් පිරිස හේතුවෙන් වන ජීවී දෙපාර්තමේන්තුවට වාර්තාගත ආදායමක් ලැබී ඇතැයි කෘෂිකර්ම වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ඒ අනුව, නොවැම්බර් මස 30 වන දා පැමිණි නෞකාවේ සිටි විදේශීය සංචාරකයින් 551ක් දෙනෙකු වාහන 110කින් යාල වනෝද්‍යානය නැරඹීම සඳහා පැමිණ ඇති අතර එදින වන ජීවී දෙපාර්තමේන්තුව ලද ආදායම රුපියල් 6,219, 560ක් බව කෘෂිකර්ම වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශය පවසයි.

එමෙන් ම, දෙසැම්බර් මස 5 දින පැමිණි නෞකාවේ සිටි සංචාරකයින් 86 දෙනෙකු වාහන 18කින් යාල වනෝද්‍යානය නැරඹීමට ගොස් ඇති අතර එමගින් ලැබුණු ආදායම 9,81,981ක් බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

මහින්ද අමරවීර මහතා විදේශීය සංචාරකයින් පැමිණෙන අවස්ථාවන්හිදී ඔවුන්ට යාල වනෝද්‍යානය නැරඹීම සඳහා උපරිම කාලයක් ලැබෙන පරිදි ප්‍රවේශපත් නිකුත් කරන කවුළු ප්‍රමාණය වැඩිපුර විවෘත කර තබන්නැයි වන ජීවී දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.

එමෙන් ම, ඉදිරියේ දී මෙරටට පැමිණීමට නියමිත අධිසුඛෝපභෝගි නෞකාවලින් පැමිණෙන සංචාරකයින් යාල වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන්නේ නම් ඊට පෙර සංචාරක අමාත්‍යංශය සමග සම්බන්ධ වී අදාළ කටයුතු විදිමත් හා කාර්යක්ෂම කිරීම සඳහා පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.

Related posts

නාලක සිල්වා නැවතත් ඇතුලට…

colombotoday

මුස්ලිම් කටයුතු ඇමති හලීම්, තව්හිද් ජමාත් අන්තවාදී පල්ලි 400කට අවසර දීලා…

colombotoday

ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක්

Admin

ආණ්ඩුවේ දැනට කැබිනට් ඇමතිලා 47යි, රාජ්‍ය ඇමතිලා 20යි, නියෝජ්‍ය ඇමතිලා 25යි.. තව ඇමතිවරු මග එනවා

colombotoday

රන්ජන් එජාපයෙන් තාවකාලිකව පන්නයි !

colombotoday

කොණ්ඩයා නිදොස් කොට නිදහස්

colombotoday