Colombo Today Local News

සීසර්ලා තල්ලු කලා යැයි කියමින් මන්ත්‍රීවරියක් රෝහල් ගත වෙයි

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියකට අයත් යතුරු පැදියක ලීසිං වාරිකය ප්‍රමාදවූවැයි කියමින් යතුරුපැදියක් රැගෙන යාමට පැමිණි සීසර්ලා තල්ලුකිරීම හේතුවෙන් ඇදවැණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් රෝහල්ගත කළ බව වාද්දුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

කළුතර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීනී ලසන්ති හේමමාලා මහත්මිය ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ද කර ඇත.

පැමිණිලිකාර මන්ත්‍රීවරිය ෆිනෑන්ස් සමාගමක් හරහා යතුරුපැදියක් ලබාගෙන ඇති අතර, කොරෝනා කාලසීමාවේ වාරික කිහිපයක් ගෙවීම මගහැරී ඇත.

මගහැරුන වාරික වෙනුවෙන් වැඩි පොලී මුදලක් එකතුකොට එම මුදල ගෙවන ලෙස ඇයට දැනුම් දී ඇතැයි සදහන් වේ.

දඩ මුදල් එකතු කිරීම හේතුවෙන් එම මුදල් ගෙවීම පැමිණිලිකාර මන්ත්‍රීවරියට මගහැරී ඇති බැවින් ඊයේ (30) පස්වරුවේ සීසර්වරුන් හත් දෙනකු පැමිණ යතුරුපැදිය රැගෙන යාමේදී මන්ත්‍රීවරිය ඊට විරෝධය පලකිරීමේදි ඇති අනතුරට ලක්ව ඇති බවට පැමිණිල්ලේ සදහන්ව ඇතැයි පොලිසිය කියයි.

Related posts

මොටර් රථයක් ගන්න හොර ලේඛන සැකසු අයෙක් දැලේ

colombotoday

වෙසක්-පොසොන් දින තොරණ තහනම් කීරීමට තීරණය කර නෑ – රජයෙන් නිවේදනයක්

colombotoday

අමු මිරිස් 1065, කැරට් 330, බටු 450, පතෝල 390, මෑ 420 යි. | බන්දුලගේ විසඳුම ගහෙන් වැටුන මිනිහට ගොනා ඇනීමක්.

colombotoday

විල්පත්තුව වැනසූ කටාරයෙන්, ශ්‍රී ලංකාවට අංග සම්පූර්ණ නගරයක් !

colombotoday

රනිල්ට 85%ක් අරගෙන දෙනවා

Admin

නව ව්‍යවස්ථාව එපා කියන්න කිසිම භික්ෂුවකට අයිතියක් නෑ.. කවුරුත් ලක්ෂ 62 ට යටයි – දඹර අමිල හිමි

colombotoday