Colombo Today Local News

මාළිගාවේ විදුලි බිල ගෙවා ගන්න බැහැ – දියවඩන නිලමේ මහජන උපයෝගිතා කොමිසමට දැනුම්දෙයි

ශ්‍රී දළදා මාලිගාවේ ඔක්තෝබර් මස විදුලි බිල වන රුපියල් ලක්ෂ විසි අටක මුදල ගෙවීමට නොහැකි බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහජන උපයෝගිතා කොමිෂන් සභාවට දැනුම් දී ඇත.

එම නිසා විදුලි බිල්පත සංශෝධනය කරන ලෙස කොමිෂන් සභා සභාපති ජනක රත්නායකගෙන් ඉල්ලා තිබේ.

විදුලි බිල ඉහළ යාම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා මල්වතු-අස්ගිරි මහ නායක හිමිවරුන් සමග සාකච්ඡාවක්ද පවත්වා තිබේ.

විදුලි බිල අඩු කිරීම සඳහා විකල්ප වැඩපිළිවෙළක් ලංකා විදුලි බල මණ්ඩලය සමග සාකච්ඡා කර සකසන බව එහිදී සභාපපතිවරයා පොරොන්දු වී ඇත.

එහෙත් පෙර නියම කරන ලද ක්‍රමවේදයට අනුව විදුලි බිල ගණනය කර ඇති බව දියවඩන නිලමේවරයා ප්‍රකාශ කරයි.

Related posts

ඉල්ලා අස්වෙනු ! ජනපති බදියුදීන්ට දන්වයි…

colombotoday

අමාත්‍යවරුන්ගේ විදේශ සංචාර අත්‍යවශ්‍ය කාර්යන් සඳහා පමණයි…

colombotoday

ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ධූරය මයියා ට

Admin

මතින් සිල් බිදගෙන.. විජිත හේරත්ගේ සැපරිය, අනතුරේ.. අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහරී

colombotoday

පොහොට්ටුවේ සහය පක්ෂයේ අපේක්ෂක ඩලස්ට

colombotoday

ආයුධයක් අතින් ගත් මිනිසෙක් කොටකෙතන යළිත් භීතියට පත් කරයි – Video

colombotoday