Colombo Today Local News

ඉසුරු බණ්ඩාර හා දයාසිරි ජයසේකරගේ දුරකථන හඬපටය ගැන බන්ධනාගාරයෙන් නිවේදනයක්

රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද ඉසුරු බණ්ඩාර හා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සම්බන්ධ‍යෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන දුරකථන හඬපටයක් පිළිබඳව අති‍රේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම සැකකරු රඳවා සිටින විශේෂ සිර මැදිරිය බන්ධනාගාර නිළධාරීන් යොදවා සෝදිසි කර ඇති අතර, එහිදි ජංගම දුරකථනයක් හෝ වෙනත් නීති විරෝධි කිසිවක් හමු වි නොමැති බවත් සැකකරු බැලීමට පාර්ලිමෙින්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා නව මැගසින් බන්ධනාගාරයට පැමිණ නොමැති බවත් බන්ධනාගාර අධිකාරි වාර්තා කර ඇති බවයි එම නිවේදනයේ දැක්වේ.

සිදුවීම සම්බන්ධ‍යෙන් සැකකරුගෙන් ප්‍රකාශයක් ලබා ගත් අතර, එම ප්‍රකාශය මඟින් සැකකරු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව බන්ධනාගාර අධිකාරි විසින් වාර්තා කර ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණයක් සිදු කරමින් පවතින බව වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

කොටි සැමරුම් තහනම් – යාපනය අධිකරණයෙනුත් නියෝගයක්

colombotoday

අමරපුර නිකායේ මහා ලේඛකාධිකාරී බ්‍රාහ්මණවත්තේ සීවලී අනුනාහිමියෝ අපවත් වෙති

colombotoday

ශ්‍රී ලංකා රජයට එරෙහිව ඇති සියලු යුද අපරාධ චෝදනා ඉවත් කිරීමට දෙමළ ඩයස් පෝරාව සුදානම්

colombotoday

ක්ලෙමන්ට් බන්ධනාගාරයේ සිට මෙහෙය වූ මත්ද්‍රව්‍ය ජාවාරම

colombotoday

යුගදනවි විකිණීමේ ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට?

colombotoday

ජොන්ස්ටන් විග්නේශ්වරන් සමග යාපනයේදී ගැටුමක්

colombotoday