Colombo Today Local News

කෘෂි පර්යේෂණ ආයතනයට පිරිසක් බලහත්කාරයෙන් කඩාපනී…

මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ ආයතනයට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයින් පිරිසක් එහි සේවය කරන කෘෂි විද්‍යාඥයින් හා නිලධාරින් අපහසුතාවට පත් කරන ආකාරයට කටයුතු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ගොවි එකමුතුවක් යැයි පවසන සංවිධානයක පිරිසක් පෙරේදා මෙසේ අනවසරයෙන් පර්යේෂණ ආයතනයකට ඇතුල් වී ඇති බව එම අමාත්‍යාංශය පවසයි.

අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා පොලිස්පතිවරයාට පැමිණිලි කරන ලෙස ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

එසේම ඉදිරියේදි කිසිම පුද්ගලයෙකුට නිසි අවසරයකින් තොරව බලහත්කාරයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් කිසිඳු ගොවිපොළකට හෝ පර්යේෂණ ආයතනයකට ඇතුළුවීමට ඉඩ නොදීමට අදාළ ආයතන බලධාරින්ට උපදෙස් දෙමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට ද නියමිතය.

නීත්‍යනුකූල ගොවි සංවිධාන ලෙස පිළිගනු ලබන්නේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචිව සිටින ගොවි සංවිධාන හා ඒවායෙහි නියෝජිතයින් පමණක් බව කෘෂිකර්ම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

කොටදෙණියාව පොලීසියේ නීතිවිරෝධී වධකාගාරයක් ගැන පැමිණිල්ලක්

colombotoday

ඇමෙරිකාවේ දෙවැනි ශ්‍රී ලාංකිකයාත් මිය යයි

colombotoday

චමල්-නාමල් මැතිවරණ ප්‍රචාරක කටයුතු අත්හිටුවයි !

colombotoday

ඉන්ධන පිරවුම්හලේ සේවකයෙකුට පහරදී රෝහල් යැවූ 5ක් අත්අඩංගුවේ

Admin

පෙරටුගාමීන් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලයි.. ආණ්ඩුව ඔවුන් නහවා යවයි

colombotoday

13-14 රටපුරා සුරාසැල් වැසෙයි

Admin