Colombo Today Local News

දුම්රිය හරස් මාර්ගයක නඩත්තුවක් හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට සීමා

පොල්ගහවෙල – අලව්ව දුම්රිය ස්ථාන අතර පිහිටි යාංගල් මෝදර දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (14) සහ අනිද්දා (15) යන දිනවල එම හරස් මාර්ගයේ රථ වාහන ධාවන කටයුතු සීමා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රධාන දුම්රිය මාර්ගයේ අලව්ව සහ පොල්ගහවෙල දුම්රිය ස්ථාන අතර පිහිටි අඹේපුස්ස – ත්‍රිකුණාමලය ඒ 06 මාර්ග හරහා වැටී ඇති යාංගල් මෝදර දුම්රිය මාර්ගය අලුත්වැඩියා කටයුතු අද (13)දිනයේ සිට ලබන 16 වනදා දක්වා සිදුකිරීමට නියමිතයි.

ඒ අනුව හෙට පෙරවරු 07.00 සිට පස්වරු 04. 30 දක්වාත් අනිද්දා දිනයේ පෙරවරු 07.00 සිට පෙරවරු 10.00 දක්වාත්, පස්වරු 02.00 සිට පස්වරු 04.30 දක්වාත් යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගය අර්ධ වශයෙන් රථ වාහන ධාවනය සඳහා වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

අනිද්දා දිනයේ පෙරවරු 10.00 සිට පස්වරු 02.00 දක්වා එම දුම්රිය හරස් මාර්ගය සම්පූර්ණ වශයෙන් වසා තැබෙන බවද සඳහන්.

Related posts

මත් වූ අදමයන්ගේ – රියදුරු වලියෙන් පාරේ ගිය මවයි පුතායි බසයට යට වෙයි.

Admin

මැතිවරණ කොමිසමේ අද විශේෂ රැස්වීමක්

colombotoday

ආණ්ඩුවේ ලොක්කන්ට ආර්ථික දැනුමක් නෑ

Admin

“ලෝක හොරු අල්ලන්න FCID ඕනමයි.. වහන්නෙත් නැ, වහන්න දෙන්නෙත් නෑ” – නි.ඇමති අජිත්

colombotoday

සේරුවිල – සාම්පූර් ඉපැරණි චෛත්‍යයක් ඩෝසර් කරලා !!

colombotoday

ජනපතිට 67යි… රටපුරා පිංකම්…

colombotoday