World

උතුරු කොරියාව තවත් බැලස්ටික් මිසයිල දෙකක් අත්හදා බලයි

උතුරු කොරියාව තවත් බැලස්ටික් මිසයිල දෙකක් එල්ල කර ඇති අතර, සති දෙකකට අඩු කාලයකදී එවැනි තහනම් කරන ලද මිසයිල හයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ, එක්සත් ජනපදය, ජපානය සහ දකුණු කොරියාව ඔවුන්ගේ බලය ප්‍රදර්ශනය කරමින් සිදුකරන යුද අභ්‍යාසවලට ප්‍රතිචාර වශයෙන් මෙම මිසයිල දියත් කර ඇති බවයි.

පසුගිය 04 වනදා උතුරු කොරියාව ජපානයට ඉහළින් බැලස්ටික් මිසයිලයක් යවා තිබුණි.

උතුරු කොරියානු ප්‍රහාරයක් පරාජය කිරීමට සහ එය වළක්වා ගන්නේ කෙසේද යන්න පුහුණු කරමින් එක්සත් ජනපදය, දකුණු කොරියාව සහ ජපානය පසුගිය මාස දෙකක කාලයක සිට ඒකාබද්ධ අභ්‍යාස මාලාවක් පවත්වනු ලබයි.

මෙම අභ්‍යාස උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට විරුද්ධ බවත් ඔහු ඒවා ඔහුගේ සතුරන් යුද්ධයට සූදානම් වන බවට සාක්ෂියක් ලෙස සලකනු ලබන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

එක්සත් රාජධානියට ත්‍රස්ත ප්‍රහාරයක්. – ඉලක්කය දේව මෙහෙයක් බවට සැක. – රියදුරෙකුගේ අවධානය මහා විනාශයක් වලක්වයි.

colombotoday

අකුණු සැර වැදී අලි 18ක් මරුට

colombotoday

මන්ත්‍රීවරයෙකුගේ හිසට වෙඩි ප්‍රහාරයක්

colombotoday

ඩොනල්ඩ් ට්‍රම්ප් 2024දී යළිත් කරළියට

Admin

පාකිස්ථානය කම්පා වුණේ මෙහෙමයි – භූ කම්පනයේ CCTV දර්ශන

colombotoday

වට්ස්ඇප් ගිණුම් මිලියන දෙකක් අවහිර කරයි

colombotoday