Colombo Today Local News

හොරොව්පතාන මාර්ගයේ ඉන්ධන පිරවුම්හලක යතුරු පැදියට තෙල් ගහද්දි ගිනි ගනී

වවුනියාව හොරොව්පතාන මාර්ගයේ ඉන්ධන පිරවුම්හලකට පැමිණි යතුරු පැදියක අද(06)දින ගින්නක් හටගෙන තිබේ.

යතුරු පැදියට ඉන්ධන පොම්ප කිරීමේ දී මෙම ගින්න හට ගැනීමත් සමඟම යතුරුපැදිකරු සහ පොම්පකරු එම ස්ථානයෙන් ඉවත්ව තිබේ.

කෙසේ වෙතත් එම අවස්ථාවේ ඉන්ධන පොම්පයේ අනෙක් පස නවතා තිබූ ත්‍රිරෝද රථය එක්වරම එම ස්ථානයෙන් ඉවත්කිරීමට උත්සාහ ගනු ලබයි.

ඒ වනවිටත් එම ත්‍රිරෝද රථයට ඉන්ධන පොම්ප කරමින් තිබෙන අතර ඉන්ධන පොම්පයේ බටය තිබියදීම ඔහු රථය එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සාහ ගැනීම නිසා විශාල අනතුරක් සිදුවන්නට තිබුණි.

කෙසේ වෙතත් කඩිනමින් ක්‍රියාත්මක වූ ඉන්ධන පිරවුම්හලේ සේවකයන් ගින්න නිවාදැමීමට සමත්ව තිබේ.

Related posts

සතොස භාණ්ඩ කිහිපයක මිල පහළට

Admin

ඉදිරියේ හිතුමතේ ආගමික ස්ථාන හදන්න බැරිවෙයි.. දැඩි නීති ගෙනෙන්න යයි…

colombotoday

මහින්ද ගැන මෛත්‍රී පොතක් ලියයි !

colombotoday

රජයේ මූල්‍ය කටයුතුවලට හා මහ බැංකුවට ජනපති මැදිහත් වෙන්න යයි !

colombotoday

ලබන ඉරිදා සහ සඳුදා ආර්ථික මධ්‍යස්ථාන යළි විවෘතයි

colombotoday

යාපනයේ දේව මෙහෙයක් පැවැත්වූ පාස්ටර්ට කොරෝනා ආසාදනය වෙලා – දේව මෙහෙයට සහභාගී වූවන්ට නිවේදනයක්

colombotoday