Colombo Today Local News

පාඨලීගේ දුරකථන සංවාද සවන් දුන් CID නිලධාරීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳව‍යි

තමන්ගේ දුරකථන සංවාදයන් නිසි අවසරයකින් තොරව සවන් දීම මගින් තමාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කඩ කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත වෙත යොමුකළ ලිඛිත පැමිණිල්ලකට අදාළව ලබන 18 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීමට අද එම කමිටුව තීරණය කර තිබේ.

ඒ සමගම දුරකතන ජල සැපයුම් කරුවන් ද එදින පාර්ලිමේන්තුව හමුවට කැඳවීමට නියමිතය.

වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැර කිරීමේ හා පවිත්‍රතා කටයුතු අමාත්‍යංශය තුළ සිදුවුයේ යැයි කියන මුදල් අවභාවිතාවක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසරේ සැප්තැම්බර් මස 24 වැනිදා සිදුකළ පරීක්ෂණයක දී හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ දුරකථන දත්ත හා සංවාද වලට නෛතික බලයකින් තොරව සවන් දී ඇති බව මන්ත්‍රීවරයා කතානායකවරයාට යොමු කළ ලිපියේ සඳහන් වේ.

Related posts

ඌව නව ආණ්ඩුකාර වැඩ බාරගනී

colombotoday

බලන්ගොඩ මුස්ලිම් පල්ලි 13ක දේවමෙහෙයන් අත්හිටුවීමට පියවර

colombotoday

නීතිය හා සාමය පවත්වාගෙන යෑම ත්‍රිවිධ හමුදාවට – ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

රිෂාඩ් බදුර්දින්ට හෙට රහස් පොලිසියට කැඳවීමක්

colombotoday

ලෝක කම්කරු දිනය අදයි..

colombotoday

බලපත්‍ර නොමැති හොර සංචාරක සේවා සපයන්නන් සොයා මෙහෙයුම්

Admin