Colombo Today Local News

හදිසි ගල්අඟුරු ටෙන්ඩරයක් කැඳවයි

ගල්අඟුරු ප්‍රසම්පාදනය වෙනුවෙන් කෙටි කාලීන අවශ්‍යතා සඳහා ටෙන්ඩර් කැඳවීම සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ගල්අඟුරු ප්‍රසම්පාදනය වෙනුවෙන් කෙටි කාලීන අවශ්‍යතා ටෙන්ඩර් කැඳවීම ජාත්‍යන්තර තරගකාරී මිල ගණන් අනුව සිදුකරන බව අමාත්‍යවරයා එහි සඳහන් කර ඇත.

එමෙන්ම ලංකා ගල්අඟුරු සමාගමේ ලියාපදිංචි සහ ලියාපදංචි නොමැති මෙම සැපයුම සම්පුර්ණ කළ හැකි ඕනෑම පාර්ශවයකට මේ සඳහා සහභාගී විය හැකි බවත් අවම දින 180ක ණය කාලයක් සමග සැපයුම සම්පුර්ණ කළ හැකි විය යුතු බවත් අමාත්‍යවරයා දැනුම්දෙයි.

එමෙන්ම දීර්ඝ කාලීන ටෙන්ඩරය ද එළැඹෙන සතියේ නිකුත් කර බව අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දැක්වේ.

Related posts

ETI ඉතිරි තැන්පතු වලින් 50% ආපසු ගෙවීම හෙට අරඹයි

colombotoday

“චන්ද්‍රිකා, මෛත්‍රී, විග්නේෂ්වරන්, මම එකම පරපුරේ… අපි එකතුවෙමු“ මහින්දට රනිල්ගෙන් ඇරයුම්

colombotoday

පාලිතට – ප්‍රසන්නට වැඩ වරදි! – මැතිසබේ ගුටිකෙළිය ගැන නිර්දේශ මෙන්න

colombotoday

එයාර් බස් 4 ක් ගැනීමේ ගිවිසුම අවලංගු කිරීමෙන් කෝටි 1706 ක පාඩුවක් !

colombotoday

මත් උවදුරට එරෙහිව දැඩි පියවර ගන්න – ආරක්ෂක ලේකම්ගෙන් පොලිසියට උපදෙස්

colombotoday

බෞද්ධ ජනතාව වෙනුවෙන් ඥානසාර හිමි කළ සේවය සලකා පෙබරවාරි 04 නිදහස් කරාවි – දුමින්ද දිසානායක

colombotoday