රජයේ සේවකයන්ට කාර්යාල වෙත පැමිණීමේ දී සහ රාජකාරියේ යෙදීමේ දී රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන ආකාරයේ සුදුසු කාර්යාලීය ඇඳුමකින් සැරසී සිටීමට ඉඩ දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.
ඒ, ඊට අදාළ ව තවත් චක්‍රලේඛයක් නිකුත් කරමින්.
චක්‍රලේඛ හඳුන්වා දී තිබිය දී නිලධාරිනියන්ට සාරිය හෝ ඔසරිය පමණක් භාවිත කරන ලෙසට ඇතැම් ආයතන ප්‍රධානීන් නියෝග කර ඇති බව වාර්තා වන බව යි එහි දැක්වෙන්නේ.
කෙසේ වෙතත් රජයේ නිලධාරියෙකු පාර්ලිමේන්තුව, අධිකරණය, ජාතික හෝ ජාත්‍යන්තර උත්සව මෙන්ම සම්මන්ත්‍රණවලට සහභාගිවීමේ දී නියම කර ඇති ඇඳුමින් සැරසිය යුතුයි.