2023 අය-වැය ඉදිරිපත් කිරීමට පෙර නව අග්‍රාමාත්‍යවරයෙක් පත් කිරීමට සූදානම් බවට ආණ්ඩු පක්ෂයේ ම ඇතැම් තොරතුරු හා ආරාධනාවලින් පවසන බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ඊයේ (6)දින පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේ ය.
ඒ සඳහා තම පාර්ශ්වයෙන් ද සහයෝගය ඉල්ලන බව මන්ත්‍රීවරයා පැවසීය.
කෙසේ නමුත්, තමාගේ පාර්ලිමේන්තුවේ වසර 2ක කාලය තුළ අග්‍රාමාත්‍යවරුන් තිදෙනෙකු පත්ව ඇති අතර සිවුවැනියෙකු දැකීමට තමා අපේක්ෂා නොකරන බව ද මන්ත්‍රීවරයා කීය.
විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කතා යටපත් කිරීමට ආණ්ඩුව උත්සාහ දරන්නේ නම්, එය නිවැරදි කළ නොහැකි වරදක් බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.