Colombo Today Local News

මංගල උත්සවයේ ඉතුරු කෑම කන්න ආ දරුවන් පහක් දණ ගස්වා පොලිසියට දීලා

වැලිගම නගර ශාලාවේ පැවති මංගල්‍යය උත්සවයකට අනාරාධිතව ගොස් ආහාර ගැනීමට උත්සාහ කළ බව කියන පාසල් සිසුන් පස් දෙනකු එහි සේවකයන් අල්ලා දණගස්වා පොලීසිය වෙත බාර දීමේ සිද්ධියක් වාර්තා වේ.

නගර ශාලාව අවට පදිංචි අවුරුදු 12,13,16,17 වයසේ පසුවන සිසුන් පස් දෙනකු මෙම සිද්ධියට මුහුණ පා ඇත.

නගරාධිපතිනියගේ ද දැනුම් දීම පරිදි පොලීසිය පැමීණ වැලිගම පොලීසිය වෙත කැදවා ගෙන ගොස් පැය කිහිපයකට පසු මුදා හළ බව වැලිගම පොලීසියේ ප්‍රකාශකයෙක් පවසයි.

මෙම සිද්ධියට ලක්වු සිසුවකු දැක්වූ අදහස්…

“එම විවාහ මංගල්‍යයවලට විශාල පිරිසකට උයනවා. එතැන ඉතිරි වන කෑම කන්න අපි මීට පෙරත් ගිහින් තියෙනවා. කෑම උයන අංකල් කෙනෙක් තමයි අපිට කාලා යන්න එන්න කීවේ.ඒ අනුව අපි පස් දෙනා ගියාම එතන හිටපු කෙනෙක් පොඩ්ඩක් ඉන්න කීවා. ඒ අතරතුර දී නගරාධිපතිතුමිය හා තවත් කිහිප දෙනකු ඇවිත් අපිට බැනලා පඩි පෙළ ළඟ දණ ගහ ගෙන ඉන්න කීවා.විශාල පිරිසක් හිටපු නිසා අපිට ඒ වෙලාවේ ලොකු ලැජ්ජාවක් ඇති වූණා.ටීක වේලාවකට පසු පොලීසිය පැමිණ අපිව රැගෙන ගියා. එහෙදිත් බැනලා පැය තුනකට පසුව අපි අම්මලා තාත්තලාට භාර දුන්නා.”

මේ පිළිබඳව වැලිගම නගරාධිපතිනී යමුනා කාන්ති මහත්මිය සදහන් කරන්නේ, අදාල පිරිස ළමුන් නොව කෑම බලහත්කාරයෙන් මංකොල්ලකෑම සඳහා පැමිණි පිරිසක් බවයි.

ඔවූන් දනගැස්වීමක් සිදු නොකල බවද ඇය කියයි.

කෙසේ වෙතත් මෙම සිද්ධියට මුහුණ පෑ පාසල් සිසුන් පිරිසට ප්‍රණීත දිවා ආහාර වේලක් සපයා දීමට වැලිගම හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම මහතා කටයුතු කර ඇත.

Related posts

වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව තවත් භූ කම්පනයක්

colombotoday

ඇණවුම් ප්‍රමාදයි… අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 120ක් හිඟයි

Admin

ජාතික ප්‍රශ්නයට විසඳුමක්‌ දිය හැක්‌කේ ජනාධිපති මෛත්‍රිට පමණයි – මැදගොඩ අභයතිස්‌ස හිමි

colombotoday

පාර්ලිමේන්තුව අවට මාර්ග බාධක සම්පූර්ණයෙන්ම ඉවත් කරයි

colombotoday

ප්‍රමුඛස්ථානය ලබාදෙන්නේ මා සමග එක්වූවන්ට පමණයි.. මැතිවරණයෙන් පසු මා හමුවීමට පැමිණීමෙන් වැඩක් නෑ

colombotoday

සත්‍යග්‍රහය අත්හිටුවීමට වරාය සේවකයින්ගෙන් කොන්දෙසියක්

colombotoday