Colombo Today Local News

නව වැඩපිළිවෙළට ආණ්ඩුවට ජනවරමක් නෑ. – ලක්‍ෂ්මන් කිරිඇල්ල

නව රජය බලයට පත් වූදා සිට කරන්නේ ඇමැතිකම්වලට පොරකන එක හැර වෙන කිසිම දෙයක් කර නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මහතා පැවසීය.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (04)දින පැවති මාධ්‍ය හමුවේදී මේ බව කීය.

එහිදී අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා…

“අද අපේ රටේ තියෙන ආර්ථික ව්‍යසනය අමුතුවෙන් කියන්න ඕන නැහැ. සෑම ක්ෂේත්‍රයක්ම කඩා වැටිලා. රටේ පාලනයක් නැහැ. එදා වේල ටුවර්ස් දවසින් දවස මොනවා හරි කරලා ඊළඟ දවස දිහා බලනවා. නව රජය බලයට පත් වූදා ඉඳලා මේ අය කරන්නේ ඇමැතිකම්වලට පොර කන එක. වෙන කිසිම දෙයක් කරල නැහැ. හැමදාම පත්තරේ බැලුවත් මාධ්‍ය සාකච්ඡා දිහා බැලුවත් ඇමැතිකම්වලට පොරකන එක තමයි පැහැදිලිව පේන්න තියෙන්නේ.

පසුගිය රජයට ජනවරමක් ලැබුණු සෞභාග්‍යයේ දැක්ම ආගිය අතක් නැහැ. දැන් අලුත් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරල තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ප්‍රතිව්‍යුහගත කිරීම ‘සෞභාග්‍යයේ දැක්මේ’ ප්‍රතිව්‍යුහගත කිරීම් ගැන සඳහන් වෙන්නේ නැහැ.

ආණ්ඩුවේ අලුත් දර්ශනය අනුව සෞභාග්‍යය දැක්ම පැත්තකට දාලා රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට හදනවා. මේ නව වැඩපිළිවෙළට ආණ්ඩුවට ජනවරමක් නෑ. ජනවරම ලැබුණේ සෞභාග්‍යය දැක්මට. ඒ ජනවරම සුන්නද්දූලි වෙලා. ජනාධිපතිතුමා රට දාලා ගියා. අගමැති සහ මහ ඇමැතිවරු අස්වුණා. සංගීත පුටු තරගයෙන් ජනාධිපතිවරයකු පත් කරගත්තා. ඉවත් වෙච්ච ඇමැතිවරු නැවත පත් වුණා. දැන් ජනවරමක් නෑ මේ ආණ්ඩුවට. ආණ්ඩුව කරන්න යන්නේ සෞභාග්‍යයේ දැක්මේ තිබුණු කරුණුවලට පටහැනි කරුණු.

ආණ්ඩුව ඉදිරියට යන්න නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක අත්සන් කරපු ගිවිසුම් එලෙසම ක්‍රියාත්මක කරන්න නම් ජනවරමක් ගන්න ඕනෑ. ඒක අපි විතරක් නෙමෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා ප්‍රධාන පුවත්පත් සාකච්ඡාවේදී ලංකාවට පෙන්වා දුන්නා. අපි ඉල්ලීමක් කරනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක අත්සන් කරපු ගිවිසුම ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. අද ගොඩක් අයට එය අමතක වෙලා. එම නිසා අපේ රටේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් ගන්නා තීරණ පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතුයි.

Related posts

අම්පාරේ ගින්නට බදුර්දීන් පිදුරු දමයි.. ඇමතිකමට මුවා වී ගිනි අවුලවන හැටි මෙන්න

colombotoday

Shangri-la හෝටලයේ නැවතී සිටි සැකකටයුතු පුද්ගලයන් තිදෙනෙක් පරික්ෂාවට

colombotoday

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස්, මහජන ආරක්ෂක ඇමති හමුවෙයි

colombotoday

විධායක ජනපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට

colombotoday

අතුරුදහන් ධීවරයන් දෙදෙනකුගේ සිරුරු ගොඩ ගසයි…මරදන්කේනි ධීවරයින් විරෝධතාවක

colombotoday

චන්ද්‍රිකාගේ සහය මෙන්න

Admin