Business

දේශීය සහල් මිල අඩුවෙයි

සහල් මිල අඩුවී තිබෙන බව මරදගහමුල සහල් වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති බී. කේ. රංජිත් පවසයි.

ඉන්දියාවෙන් සහ චීනයෙන් ආනයනය කරන ලද සහල් මේ වනවිට වෙළෙඳපොළේ අඩු මිලට අලෙවි කෙරෙන බැවින් දේශීය සහල් සඳහා පවතින ඉල්ලුම අඩුවී ඇතැයි ද ඔහු කියයි.

දේශීය හොඳ තත්ත්වයේ සම්බා සහල් කිලෝවක් රුපියල් 225කටද, නාඩු සහල් කිලෝවක් රුපියල් 215කටද අලෙවි කෙරෙන බවත් පෞද්ගලික වී මෝල් හිමියන් නියමිත ප්‍රමිතියෙන් යුතු වී කිලෝවක් රුපියල් 120 බැගින්ද, සියයට 18ක පමණ තත්ත්වයෙන් තිබෙන තෙත වී කිලෝවක් රුපියල් 100 බැගින්ද මිලදී ගන්නා බව ඔහු සදහන් කරයි.

ඉදිරියේදී සහල් මිල වැඩිවීමට කිසිසේත්ම හේතුවක් නොමැති බවත්, ඉන්දියාවෙන් සහ චීනයෙන් ආධාර වශයෙන් ලැබුණු සහල් බෙදාහැරීමට නොහැකි තරමටම රට තුළ තිබෙන බවත් කී හෙතෙම ඉකුත් මහ කන්නයේ මිලදී ගත් වී තොග තවමත් වෙළෙඳපොළේ පවතින බව ද සඳහන් කළේය.

ඉදිරි මහ කන්නයට අවශ්‍ය සියලුම රසායනික පොහොර සැපයීමට කෘෂිකර්ම ඇමැතිවරයා පොරොන්දු වූ බවත්, ඒ අනුව කටයුතු සිදුවුවහොත් ඉදිරියේදී කිසිසේත්ම සහල් ගැටලුවක් උද්ගත නොවන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

Related posts

පාරිභෝගිකයන්ට පරණ ජම්බෝ පීනට් කවන්න යද්දී Renuka Foods මාට්ටු. කෝටි දෙකක පීනට් තොගයක් අත්අඩංගුවට

colombotoday

අධි සුඛෝපභෝගී හම්බන්තොට ෂැන්ග්‍රී-ලා ජූනි 1 විවෘත වේ

colombotoday

සීනි ජාවම්කාර ව්‍යාපාරිකයාටම තෙල් ආනයනයටත් බදු සහන ?

colombotoday

එමිරේට්ස් ගුවන් සමාගම සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

colombotoday

මහජන, ලංකා බැංකු කොටස් වලින් 20% කොටස් වෙළෙද පොළට

colombotoday

“කෘෂිකර්මාන්තය, රාජ්‍ය අංශය රටට බරක්.. බදු පොලී වැඩිකර වියදම් පාලනය කළ යුතුයි” – නව මහබැංකු අධිපති

colombotoday