World

තායිලන්ත අගමැති චාන්-ඕ-චාගේ ධුරය අත්හිටුවයි

තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ප්‍රයුත් චාන්-ඕ-චාගේ ධුර කාලය අත්හිටුවීමට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය අද (24)දින තීරණය කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය අග්‍රාමාත්‍යවරයාගේ ධුර කාලය මෙසේ අත්හිටු වූයේ ධුර කාලය පිළිබඳ විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කරමිණි.

හිටපු හමුදා ජනරාල්වරයකු ද වන ප්‍රයුත් චාන්-ඕ-චාගේ ධුරය තාවකාලික අත්හිටුවීමෙන් පසු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ ප්‍රවිත් වොන්ග් සුවන් භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස රාජකාරි අරඹනු ඇතැයි තායිවාන මාධ්‍ය වාර්තා කර තිබේ.

2014 වසරේ තායිලන්ත හමුදා ප්‍රධානියා ලෙස කටයුතු කළේ ජනරාල් ප්‍රයුත් චාන්-ඕ-චා ය. එම කාලයේ තායිලන්ත දේශපාලනයේ පැවැති අස්ථාවරත්වය සැලකිල්ලට ගනිමින් ජනරාල් ප්‍රයුත් චාන්-ඕ-චා හමුදාව මෙහෙයවා කුමන්ත්‍රණයකින් රටේ බලය අල්ලා ගත්තේය. ඒ, කිසිදු ලේ වැගිරීමකින් තොරවය.

ඉන්පසු පිහිටුවූ හමුදා ජුන්ටාවේ ප්‍රධානියා ලෙස ජනරාල් ප්‍රයුත් චාන්-ඕ-චා වසර 5 ක් කටයුතු කළේය. කෙසේ නමුත් 2019 දී ඔහු ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින් මහ මැතිවරණයක් පැවැත්වීමට පියවර ගත්තේය.

හමුදාපති ධුරයෙන් ඉවත් වූ ප්‍රයුත් චාන්-ඕ-චා, සිවිල් වැසියකු ලෙස හමුදාවට හිතවත් දේශපාලන කණ්ඩායම් එක් කර ගනිමින් ඊට ඉදිරිපත් වී ජය ගත්තේය. සිවිල් අග්‍රාමාත්‍යවරයකු ලෙස දිවුරුම් දී ප්‍රයුත් චාන්-ඕ-චා රාජකාරි ආරම්භ ​කළේ 2019 ජූලි මාසයේය.

තායිලන්ත ව්‍යවස්ථාවට අනුව, තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ ධුර කාලය වසර 8 කි. ප්‍රයුත් චාන්-ඕ-චා හමුදාපති ලෙසත්, සිවිල් වැසියකු ලෙසත් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ බැවින් ඔහුගේ ධුර කාලය අද (24) අවසන් වන බව තායිලන්ත විපක්ෂ කණ්ඩායම් දිගින් දිගටම පෙන්වා දී තිබුණි.

විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඒ බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේය. ඒ අනුව, ප්‍රයුත් චාන්-ඕ-චාගේ ධුර කාලය අත් හිටුවීමට අධිකරණය තීරණය කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය, පෙත්සම විභාග කිරීමට නියමිතව ඇති අතර, මිලිටරි ජුන්ටාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ කාලය, සිවිල් අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ධුර කාලයට

එකතු කළ නොහැකි බවට තීන්දු කළහොත් ප්‍රයුත් චාන්-ඕ-චා ට දිගටම අග්‍රාමාත්‍ය ධුරය හෙබවීමට හැකි වනු ඇතැයි ද පැවැසෙයි.

(රොයිටර්)

Related posts

ගුවන් ධාවන තරගයේ දී යානා දෙකක් එකිනෙක ගැටී නියමුවන් දෙදෙනෙක් මරුට

Admin

පක්ෂග්‍රාහී අල් ජසිරා කාර්යාලය ඊශ්‍රායල ගුවන් හමුදා ප්‍රහාරයකින් සමතලා කර දමයි.

colombotoday

ඉන්දියාවේ සුපිරි ගායක එස්.පී. බාලසූබ්‍රමනියම් දිවිගමනට සමුදෙයි

colombotoday

69 වන ඔස්කා සම්මාන උළෙල

Admin

ඉතාලියේ හිටපු අග්‍රාමාත්‍ය සිල්වියෝ බර්ලුස්කෝනි මිය යයි

Admin

“ISIS ඉස්ලාම් රාජ්‍ය“ ලෝකෙටම තර්ජණයක් ! අපි වැඩේ ඉවර කරනවා – පූටින්

colombotoday