World

තක්කාලි ගෙඩියක් තරම් බිබිලි මතු වන තක්කාලි උණක්

ඉන්දියාවේ පැතිරෙන නව වෛරස උණ රෝගයක් පිළිබඳ ‍එරට වෛද්‍යවරුන්ගේ අවධානය යොමුවී තිබේ. “ටොමැටෝ ‍ෆීවර්” නොහොත් තක්කාලි උණ ලෙස මෙය නම්කර ඇත.

ටොමැටෝ ෆීවර් හෙවත් තක්කාලි උණ වැළඳුණු වයස අවුරුදු පහට අඩු දරුවන් අසූ දෙදෙනෙකු පසුගිය දින දෙක තුළ ඉන්දියාවෙන් වාර්තාවී තිබේ.

මෙම වෛරසය, කේරළ, ඔඩිෂා සහ තමිල්නාඩු ප්‍රාන්තවලින් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

ආසාදිතයන්ගේ සිරුරේ රතු පැහැති වේදනාකාරී බිබිලි මතුවී ක්‍රමයෙන් බිබිලි තාක්කාලි ගෙඩියක ප්‍රමාණයකට විශාලවීම හේතුවෙනුයි මෙම වෛරස රෝගය තක්කාලි උණ ලෙස හඳුන්වා ඇත්තේ.

මේ වනවිට එරටින් 200 කට අධික කුඩා දරුවන්ට මෙම තක්කාලි උණ වැළඳී තිබේ.

Related posts

පුද්ගලයින් 06 දෙනෙක් ගමන් කරමින් සිටි හෙලිකොප්ටර් යානයක් අතුරුදන්

Admin

සූකීගේ නිලධාරියකු හමුදා අත්අඩංගුවේ සිටියදී මිය යයි

colombotoday

69 වන ඔස්කා සම්මාන උළෙල

Admin

සෞදිය ලිංගික අපයෝජනය සහ අඩන්තේට්ටම් කිරීම නෛතික වැරදි ලෙස නම් කිරීමට යයි

colombotoday

අමෙරිකාවම කම්පා කල කළු ජාතික අහමඩ් ආර්බරි ගේ ඝාතනයට සුදු ජාතිකයින් තිදෙනා වරදකරුවන් කෙරේ

colombotoday

ගෝලීය ත්‍රස්තවාදියා ජයිෂ්-ඊ-මොහොමඩ් ප්‍රධානී මසූඩ් අසාර්ට වරෙන්තු

colombotoday