‘ශ්රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරන්න උත්සාහ කරන ඕනෑම රාජපක්ෂ කෙනෙකුට ඕනෑම බණ්ඩාරනායක කෙනෙකුට හෙණ හතම වැදියං’ යයි ඇමති ඩිලාන් පෙරේරා මහතා බදුල්ලේදී කියා සිටියේය.
හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග විසින් ශ්රි ලංකා නිදහස් පක්ෂය මහ දවාලේ එජාපට විකුණන බවද කී ඔහු බැසිල්, විරවංශ, ගම්මන්පිල ඉදිරි මැතිවණයේදී එජාපය දිනවීමේ කොන්ත්රාත්තුවක් ඉටු කරන බවද පැවසීය.