Colombo Today Local News

නීති විරෝධීව රට පනින්න ගිය 10 ක් මාට්ටු

තලෙයිමන්නාරම කුරුසපාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ (16) රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 10 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන නීති විරෝධි කටයුතු මැඩ පැවැත්වීම සඳහා මෙරට මුහුද සහ වෙරළ තීරය ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර මුර සංචාර හා සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබන අතර මෙම මෙහෙයුම සිදු කර ඇත්තේ ඒ අනුවයි.

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කල බවට සැකකෙරෙන ඩිංගි යාත්‍රාවේ ක්‍රියාකරුවන් දෙදෙනා සමග වයස අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් සිව් දෙනෙකු , කාත්තාවන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 18 ට අඩු සිව් දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

Related posts

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

colombotoday

හිටපු ජනපති මාධ්‍ය ලේකම් සිංගප්පූරු ගුවන්තොටේදී අත්අඩංගුවට

colombotoday

මස්කඩේ කැලැන්ඩරේ අල්ලපු හිමිගෙන් අසත්‍ය වපුරන අවස්ථාවාදීන්ට පිළිතුරක්

colombotoday

පාතාල කල්ලි සාමාජික ඉන්ද්‍රගේ ප්‍රධාන ගෝලයකු වන අක්කු අත්අඩංගුවේ

colombotoday

බදු දුන් ඉඩම්වල පන්කෝටි අනූ ලක්ෂයක බදු ගෙවීම් පැහැර හැරලා

colombotoday

පිළිකා රෝගීන් අනතුරේ? ඖෂධ විසිහතරක හිඟයක්

colombotoday