Colombo Today Local News

පාස්කු වින්දිතයන් වෙනුවෙන් පාප් වහන්සේගෙන් ලක්ෂ 400ක පරිත්‍යාගයක්

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් පවූල් වෙනුවෙන් රුපියල් ලක්ෂ 400ක මුදලක් පාප් වහන්සේ විසින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත්තුමන්ට ප්‍රධානය කළ බව අගරදගුරු පදවි හා ජාතික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා ප්‍රකාශ කර තිබේ.

ඉකුත් පෙබරවාරි මාසයේදී වතිකානුවේ කළ සංචාරයේදී පාප් වහන්සේ කාදිනල් හිමිපාණන්ගෙන් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් රැක බලා ගන්නා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විමසා ඇති අතර ඒ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා උන්වහන්සේද යුරෝ ලක්ෂයක් එනම් ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ හාරසියයක පමණ මුදලක් පරිත්‍යාග ලෙස ලබා දුන් බව ජූඩ් ක්‍රිසාන්ත පියතුමා පැවසීය.

එම මුදලින් කොටසක් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් කාණ්ඩ තුනක් ලෙස වෙන් කොට හෙට (13) දිනයේ දී කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදීත් අනිද්දා දිනයේ දී කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දීත් අගරදගුරු හිමියන්ගේ ප්‍රධානත්වයෙන් බෙදා දෙන බව සඳහන්.

මේ මූල්‍යාධාර ලබා දීමේ දී පාස්කු ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන්, එම ප්‍රහාරයට ලක් ව තවමත් වෛද්‍ය ප්‍රතිකාර ලබන පිරිස් වෙනුවෙන් හා එම ප්‍රහාරයෙන්තුවාල ලබා සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වූ අය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරන බව ද උන්වහන්සේ අවධාරණය කර සිටි.

Related posts

උප්පැන්න සහතිකයෙන් ජාතිකත්වය ඉවත් කිරීම විශිෂ්ඨ තීරණයක් මේ යන්නේ හරි පාරේ.

colombotoday

අවුරුදු 18ට වැඩි සියලු දෙනාට කොරෝනා එන්නත.

colombotoday

ඉන්දීය යුද හමුදා ප්‍රධානි අද ජනපති හමුවෙයි

colombotoday

නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දෙයි

colombotoday

2022 වසරේ පළමු භාගයේ මිලියන තිස් දාහක බෝග සත්තුන් විනාස කරලා

Admin

පල්ලෙකැලෙන් පැන්න රැදවියෙක් මහවැලි ගඟේ ගිලී අතුරුදන්

Admin