Colombo Today Local News

ඇමතිකම් වලට පොරකන ආණ්ඩුවකට මම යන්නෙ නෑ. රට වෙනුවෙන් සහයෝගය පාර්ලිමේන්තුව හරහා ලබාදෙනවා.

ආර්ථිකය හදන වැඩපිළිවෙළ අද(12)දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ පිලිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා අදහස් දක්වමින් ඉල්ලා සිටියේ සියළු දේශපාලන නායකයින් අවංකවම කැපවෙන ලෙසයි.

එහිදී අදහස් දැක්වූ හර්ෂද සිල්වා මහතා…

“ආර්ථිකය හදන වැඩපිළිවෙළ අද මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒකට සියළු දේශපාලන නායකයින් අවංකවම කැපවෙන්න.

රටේ ආර්ථිකය ගොඩනගන දෙස් විදෙස් විශ්වාසය දිනාගත හැකි ආර්ථික වැඩපිළිවෙළක් මා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එය මා සකස් කළේ මාස ගණනාවක් පුරා විද්වතුන්, විශේෂඥයින්, වෘත්තිකයින්, දේශපාලකයින් සහ සාමාන්‍ය ජනතාව සමග සාකච්ඡා කිරීමෙන් පසුවයි. ඒ සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂවල අනුමැතියත් ලැබී තිබෙනවා. මෙය කෙටිකාලීන වැඩපිළිවෙළක්.

ඒ තුළින් රටේ ආර්ථිකය නිවැරදි මාවතට ගෙන පසුව දේශපාලන පක්ෂ ලෙස අපිට මැතිවරණයකට යා හැකියි. මා යෝජනා කරන සර්ව පාක්ෂික ආණ්ඩුවකට මේ වැඩපිළිවෙළ අනුගමනය කළ හැකියි. ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම දේශපාලන නායකයින්ට අවංකව සහයෝගය ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා. එවැනි සහයෝගයක් ලබාදෙන්නේ නම් අපිට දෙස් විදෙස් විශ්වාසය දිනාගනිමින් මේ අභියෝග ජයගැනීමට හොඳ පදනමක් හදන්න පුලුවන්.

එහෙම නැතිව ඇමතිකමක් ගන්න ආණ්ඩුවට යන්න මට අවශ්‍ය නෑ. මම එහෙම කරන්නෙ නැත්තේ ඒකෙන් මේ ආර්ථික අර්බුදය විසඳන්න බැරි නිසා. මේ අවස්ථාවේ රට වෙනුවෙන් මේ ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට එක්වන ලෙස මා පාර්ලිමේන්තුවේ සියළුම දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා.”

Related posts

ත්‍රිරෝද රථයක මිල ලක්ෂ අටයි, එයින් හාරලක්ෂ අසූදහසක්ම රජය බදු වශයෙන් අයකර ගන්නවා

colombotoday

මැලේරියාව තුරන්කළ රටක්, සහතිකය ලබා සතියයි.. ඉන්දියාවේ ගිහින් ආ තංගල්ලේ දෙදෙනෙකුට මැලේරියාව !

colombotoday

නාවික හමුදා යාත්‍රා දෙකක් එකිනෙකට ගැටී සෙබළකු අතුරුදහන්… දෙදෙනෙක් රෝහලේ

colombotoday

5 ශිෂ්‍යත්වයෙන් ලංකාවම දිනූ හපන්නු මෙන්න

colombotoday

මැතිවරණ සටනට මහින්ද යළි කුරුණෑගලින්

colombotoday

අලි සබ්රිගේ අමාත්‍යංශයෙන් උතුරු නැගෙනහිර අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ට නීති ආධාර

colombotoday