Colombo Today Local News

ජනපති මැදුරට හා අරලියගහ මැදුරට ඇතුළු වූ 2ක් අත්අඩංගුවට

ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළුවීම සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොටුව පොලිස් වසමේ බැංකු මාවත ප්‍රදේශයේදී නීති විරෝධි ජනරාශියක සාමාජිකයෙකුව සිටිමින් උද්ඝෝෂණයක් පවත්වා රජයේ දේපොළ හානි කිරීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා පවතින බව පොලිසිය සඳහන් කරයි.

ඔහු කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ඉදිරිපත් වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු වයස අවුරුදු 32 ක කොස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එමෙන්ම අරලියගහ මන්දිරයට ඇතුළු වී දේපොළවලට හානි කළ තවත් සැකකරුවෙක් බම්බලපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ, ඔහු වයස අවුරුදු 53 ක කොළඹ 3 ප්‍රදේශයේ පදිංචිකරුවක් බවයි.

Related posts

හමුදා බුද්ධි නිලධාරීන් හෙට විත්ති කූඩුවට… නිදහස ඉල්ලා විරෝධතා පැවැත්වීම තහනම්!

colombotoday

මුදල් ලේකම්ට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභා කරන්නැයි නීතිපතිවරයා ඉල්ලයි

Admin

අනිවාර්යයෙන්ම චීන යුධ හමුදාවෙන් ඇවිල්ලා තියෙනවා

colombotoday

විධායකය අහෝසි කරන කෙටුම්පත අවසන් අදියරේ

colombotoday

ජාතික ආරක්ෂාව පිළිබද අලුත් ඇමතිකමට චම්පික – ෆොන්සේකා ද්වන්ධ සටනක !

colombotoday

කෝටි 100ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 7ක් නාකොටික් දැලේ

Admin