Colombo Today Local News

මෙරටින් ගුවන්යානා තෙල් නොලැබීම නිසා ශ්‍රී ලාංකික ගුවන් මගීන්ගේ ගමන් මලු දමා එයි

ජාත්‍යන්තර ගුවන් සේවාවලට අයත් මෙරටට පැමිණෙන යානාවලට මෙරටින් ගුවන්යානා තෙල් නොලැබීම නිසා ශ්‍රී ලාංකික ගුවන් මගීන්ගේ ගමන් මලු එම රටවල දමා එන සැලසුමක් අනාවරණය වී ඇත. මැද පෙරදිග රටවලින් මෙරටට එන යානාවලින් මෙය සැලසුම් සහගතව කරන බව හෙළිවී තිබේ.

එම ගුවන්යානාවලට යළි තම රටට පියාසර කිරීමට අවශ්‍ය ඉන්ධනත් දැනට ඇති තත්ත්වය හමුවේ රැගෙන ඒමට සිදුව ඇති නිසා මෙසේ ගමන් මලු ප්‍රවාහනය සීමා කිරීම මීට හේතුව වී ඇත.

ඉන්ධන ටැංකිවල බර අඩු කරගෙන විත් භාණ්ඩ බෑමෙන් පසු කටුනායකින් ඉන්ධන ලබාගත හැකි වුවද මේ වනවිට යාමට හා ඒමට අවශ්‍ය ඉන්ධන ටැංකි පුරවාගෙන ඒමට සිදුව ඇත. මේ නිසා අත්වැරදීමකින් ගුවන් තොටුපොළේ දමා ආ අයුරින් දිනපතා සෑම ගුවන්යානයක්ම මගී ගමන් මලු දමා එන බව අනාවරණය වී තිබේ.

ඉන්පසු සතියකට එක් වරක් පමණක් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී එම ගමන් මලු මෙරටට රැගෙන ඒමට ගුවන් සමාගම් හුරු වී ඇතැයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පවසයි. පසුගිය සතියට පමණක් එවැනි ගුවන් මලු දහසකට වැඩි ගණනක් ගුවන්යානා විසින් ඒ ඒ රටවල දමා ආ බවට අනාවරණය වී තිබිණි.

-අරුණ-

Related posts

ත්‍රිරෝද රථ සේවා සංගමයෙන් ඇමතිට සංදේශයක්

colombotoday

ලබන වසරේ සිට ඉන්ධන මිල දෛනිකව සංශෝධනය කරයි

Admin

සිංහලයන්ට පමණක් රටේ නායකත්වය දෙනු බෑ.. දෙමළ, මුස්ලිම් අයටත් උප ජනාධිපති තනතුරක් ඕන..

colombotoday

ඉඩ නැති නිසා කළුබෝවිල රෝගීන් එළිමහනේ

colombotoday

ඇමතිකම් නැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් ව්‍යාපෘති අධීක්ෂණයට පත්කරන්න යයි

colombotoday

දෙදරු මවකගේ මරණයට සැකපිට සැමියා අත්අඩංගුවට

Admin