Colombo Today Local News

පා පැදි හෙරක් පොලීසියට මාට්ටු

අනුරාධපුර නගරයේ වෙළඳසල් ඉදිරිපිට නවතා තිබෙන අගුල් නොදැමූ පා පැදි සොරා ගත්තෙ යැයි කියන කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධියට අත්අඩංගුවට ගෙන ඇත්තේ, පුබුදුපුර අනුරාධපුර පදිංචි අවුරුදු 34 ක් පමණ වයසැති එක් දරු මවකි.

ඉකුත් මැයි මාසයේ සිට ජූලි මාසය දක්වා එම සැකකාර කාන්තාව විසින් සොරා ගත්තේ යැයි කියන පා පැදි 12ක් පමණ පොලිසිය භාරයට ගෙන ඇත.

මෙසේ සොරා ගන්නා ලද පා පැදි නිවසට රැගෙන ගොස් වර්ණවත් කරමින් වෙනත් අයට අලෙවි කර ඇති බවට පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

මාස කිහිපයක් මුළුල්ලේ නගරයේ වෙළඳසැල් ඉදිරිපිට මෙසේ සිදුවන පාපැදි සොරකම සම්බන්ධයෙන් අවදියෙන් සිටි පොලිසිය සීසීටීවී දර්ශන ඔස්සේ මෙම සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව අනුරාධපුර පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ වැඩ බලන ස්ථානාධිපති වරයා පවසයි.

පා පැදි සොරකම සම්බන්ධයෙන් වැඩි දුරටත් සිදු කළ පරීක්ෂණ හමුවේ සොරකමට සම්බන්ධ සැකකාරියගේ පුරුෂයා අන්ත්‍රාදායක මත් ද්‍රව්‍ය භාවිතා කරන්නකු බවට තොරතුරු හෙළිදරව් කරගෙන ඇත.

Related posts

දින 40ක් තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 17,301 දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

අවිවාහක තරුණයන්ට රජයෙන් තෑග්ගක්…

colombotoday

වැලිකඩ රැඳවින් 310කගේ PCR පරීක්ෂණ අවසන්

colombotoday

අද සිට යළි විදුලිය කැපෙයි

colombotoday

දෙන්නගේ බල පොරය දින දහයක් රට එකතැන නතර කළා – අනුර කුමාර

colombotoday

දෙමළ ජනතාව මෙරට මුල් පදිංචිකරුවන් නොවේ. විග්නේෂ්වරන්ට විවාදයකට අභියෝගයක්

colombotoday