Colombo Today Local News

වික්‍රමසිංහ දිවුරුම් දුන් දා සිට අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීම් හරහා විරෝධතා මැඩලීමට උත්සාහ කරමින් සිටිනවා.

රටේ ආර්ථික අර්බුදයට දේශපාලන ප්‍රතිසංස්කරණ සහ වගවීම අපේක්ෂා කරන ක්‍රියාකාරීන්ට හිරිහැර කිරීමට සහ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීමට ශ්‍රී ලංකා රජය හදිසි නීති රෙගුලාසි භාවිත කරන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් හියුමන් රයිට්ස් වොච් ප්‍රකාශ කර ඇත්තේ, 2022 ජූලි 21 වන දින රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් දා සිට උද්ඝෝෂකයන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, නීතිඥයන් සහ මාධ්‍යවේදීන් බිය ගැන්වීම්, සෝදිසි කිරීම් සහ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් හරහා විරෝධතා මැඩලීමට පොලිසිය සහ හමුදාව උත්සාහ කරමින් සිටින බවයි.

මේ අතර ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂ නියෝජිතවරියක වන මේරි ලෝලර් (Mary Lawlor) ප්‍රශ්න කර ඇත. පොලිසිය පෙරේදා (03) ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගනු ලැබුවේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයක් සංවිධානය කිරීමේ චෝදනාව යටතේය.

Related posts

ස්වාධීන මන්ත්‍රීවරුන්ගෙනුත් ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක්

colombotoday

ජොනී සී.අයි.ඩී එයි

Admin

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාෆියාකරුවෝ බෙහෙත් වෙනුවට රටට වස කවන්න සැරසෙයි!

colombotoday

‘මැතිවරණ ක්‍රමයේ ගැටලු නිරාකරණය කර මැතිවරණය පවත්වනවා’

Admin

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට තවමත් ආරක්ෂාව දී නැහැ

Admin

සිතුසේ ගෙන්නපු සතොසේ ටොන් 70,000ක සහල් මගඩිය…

colombotoday