ජාතික ඉන්ධන අවසර පත්‍ර QR කේතය ප්‍රවේශම් කරගන්නා ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
එය වෙනත් පාර්ශවයකට ලබාගත හැකි ලෙස ප්‍රදර්ශනය නොකරන ලෙසටයි අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ.
එමෙන්ම මෙම QR කේතය අන් කිසිවෙකුට ලබා නොගත හැකි ලෙස සුරක්ෂිතව තබාගන්නා ලෙසට ද අමාත්‍යවරයා දැනුම් දෙයි.
මීට අමතරව දැනට ලියාපදිංචි වී ඇති QR ඇති කේත ඉවත් කර දැමීමේ පහසුකම ද ලබාදී ඇති අතර නැවත ලියාපදිංචි වීමේ පහසුකම ද ලබාදී ඇති බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ.