Colombo Today Local News

පාගමනින් ගිය සිසුන් පිරිසක් කැබ් රථයක් යටකරගෙන යයි.. සිසුවෙක් මරුට දහයකට තුවාල

අරලගංවිල බෝගස්හංදිය අසළ සිදුවූ රිය අනතුරකින් 16 හැවිරිදි සිසුවෙක් මියගොස් තවත් දස දෙනෙකු තුවාල ලබා තිබේ.

දෙහිඅත්තකණ්ඩිය දෙස සිට අරලගංවිල දෙසට ධාවනය වෙමින් තිබු කැබ් රථයක් උපකාරක පංතියකට සහභාගී වී පාගමනින් ගමන් කරමින් සිටි සිසුන් පිරිසක් යටකරගෙන යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරෙන් තුවාල ලැබු ළමුන් 11 දෙනෙකු පොළොන්නරුව සහ අරලගංවිල රෝහල්වලට ඇතුළත් කර ඇති අතර ඉන් එක් සිසුවෙක් මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ රත්මල්තැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුවෙකි.

කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අරලගංවිල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

ප්‍රධාන මාර්ග පද්ධතියේ පුළුල් කළ යුතු පාලම් 263ක් හඳුනාගනී

Admin

රූකාන්තට එජාපයෙන් ආසන සංවිධායක ධූරයක්

colombotoday

ගාල්ලේදී මත්පෙති 620ක් සමග අයෙක් අත්අඩංගුවේ

colombotoday

ඕනෑ ගොනකුට උසස් අධ්‍යාපන ඇමැතිකම කරන්නට බෑ – විමල්

colombotoday

ළමා රෝහලේ අක්ෂි සහ සැලසුම් කළ සැත්කම් සියල්ල නවතී

colombotoday

පාසල් බෑගයේ බර අඩුකිරීමට උපදෙස්

Admin