Colombo Today Local News

හිටපු ජනපති සැඟව සිටිනවා කියන එක මම කිසිසේත් විශ්වාස කරන්නේ නෑ – බන්දුල

හිටපු ජනාධිපති ගෝඨාභය රාජක්ෂ මහතා යළි ශ්‍රී ලංකාවට එනු ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා නැවත පැමිණීමේ ස්ථිර දිනයක් පිළිබඳව තමාට දැනුවත්භාවයක් නැතැයි, ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා අද මේ බව පැවසුවේ, මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලෙසයි.

මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් මෙලෙස පිළිතුරු දුන්නේ ය.

”හිටපු ජනාධිපතිවරයා සැඟව සිටිනවා කියන එක මම කිසිසේත්ම විශ්වාස කරන්නේ නෑ. මොකද එතුමා නිල වශයෙන් අවශ්‍ය වීසා ලබා ගෙන තමයි ඒ රටට ගිහින් තියෙන්නෙ, එතුමා ආපසු පැමිණෙන බව තමයි මං දැනන් හිටියෙ, ඒ පිළිබඳ අදාළ වෙනත් තත්ත්වයක් තියෙනවා නම්, ඒකට අදාළ බලධාරීන් අපේ රටේ හිටපු ජනාධිපතිවරයාට උපද්‍රවයක් එලෙසින් සිදුනොවෙන්න කටයුතු යොදයි”

Related posts

විපක්ෂය 113 බහුතරය පෙන්නුවත්, මගේ කැමැත්ත නැතිව ආණ්ඩු හදන්න බෑ..

colombotoday

අපනයනය කෙරෙන තේ වලට බලපත්‍ර ගාස්තුවක්

Admin

ලංකාව කියන්නේ සිංහල බෞද්ධ රටක් නෙවෙයි – මංගල සමරවීර කියයි

colombotoday

ඊ නිව්ස් සඳරුවන් ජනපති ළඟ දනින් වැටෙයි

colombotoday

රංජිත්-රන්ජන්-රාජිත ඇතුළු හිටපු රජයේ මැති ඇමතිවරුන් ඇතුළු 7කට සිතාසි

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ පැමිණීමේ දීමනාව දිනකට විසිදහසක් කරන්න ආණ්ඩුවෙන් යෝජනාවක්!

colombotoday