World

ඉන්දියානු නව ජනාධිපතිනිය ද්‍රෞපදී මුර්මු අද දිවුරුම් දෙයි

ඉන්දියාවේ ජනාධිපති ලෙස තේරී පත් වූ 64 හැවිරිදි ද්‍රෞපදී මුර්මු අද(25) දිනයේ දිවුරුම් දීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇය ඉන්දියාවේ 15වන ජනාධිපතිවරයා ලෙසයි දිවුරුම් දෙනු ලබයි.

ජනාධිපති ධූරයේ දිවුරුම් දෙන ඉන්දියාවේ පළමු ගෝත්‍රික සම්භවයක් සහිත කාන්තාව මෙන්ම ඉන්දියාවේ ජනාධිපති ධූරය හොබවන දෙවන කාන්තාවද ඇයයි.

ඉන්දීය අගවිනිසුරු එන්.වී රාමනා ඉදිරියේ ද්‍රෞපදී මුර්මු ජනාධිපති ධූරයේ දිවුරුම් දීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇය මහත්මා ගාන්ධිගේ ස්මාරකය වෙත අද (25) උදෑසන ගොස් ගෞරව දක්වා තිබේ.

Related posts

බයිඩන් ජාතිය අමතා දුන් ප්‍රතිඥාව

Admin

වසර දෙකකට පසු සංචාරකයින්ට ඔස්ට්‍රේලියාවට එන්න අවසර

colombotoday

ඉන්දියාවේ රෝහලක හටගත් ගින්නකින් කොවිඩ් රෝගීන් 07 මරුට

colombotoday

මියන්මාරයේ රන් කන්ද නාය යයි… අනූවක් වැළලෙයි

colombotoday

පාර්ලිමේන්තුවක් අසල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

colombotoday

පලස්තීන ඉස්ලාමීය දේශකයෙකුගෙන් ප්‍රංශයට එරෙහිව යුද්ධයක් ඉල්ලා ත්‍රස්තවාදී ප්‍රකාශයක්.

colombotoday