Colombo Today Local News

අරගලකරුවනුත් දේශපාලනයට… ‘ජන අරගලයේ පුරවැසියෝ’ නමින් නව දේශපාලන පක්ෂයක්

‘ජන අරගලයේ පුරවැසියෝ’ නමින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කර ගැනීම සඳහා ගාලු මුව‍ෙදාර අරගලයේ නිරත විරෝධතාකරුවන් පිරිසක් ඊයේ (ජූලි 18)දින මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.

පවතින දේශපාලන අර්බුදයට එරෙහිව නැගී සිටි සමස්ත ලාංකේය අරගලකරුවන් වෙනුවෙන් මෙම නව දේශපාලන පක්ෂය ලියාපදිංචි කර ගැනීමට කටයුතු කළ බව එම කණ්ඩායමේ ප්‍රකාශකයෙක් සදහන් කරයි.

අරගලයේ නිරත නිර්පාක්ෂික අරගලකරුවන් වෙනුවෙන් දේශපාලන පක්ෂයක් නොතිබීමත් පවතින දේශපාලන අර්බුදයට මුහුණ දීමත් මෙම නව දේශපාලන පක්ෂය ලියාපදිංචි කර ගැනීමේ අරමුණ බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

වාහන ආනයනයට රජයෙන් සම්බාධක… ඉදිරියේදී රට තුළ වාහන හිගයක්…

colombotoday

එරාවූහිදී සිදුවූ පහරදීමකින් පොලිස් පරීක්ෂක මිය යයි

colombotoday

සහරාන් සමඟ සබඳතා පැවැත්වු තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

නිරෝධායන මධ්‍යස්ථානයක සැකකටයුතු ලෙස හැසිරුණු මුස්ලිම් කතක් අත්අඩංගුවට

colombotoday

ලංකාව ආක්‍රමණයට ඉන්දියාවෙන් කුලී හමුදාවක් ! – වාසු අනතුරු අගවයි

colombotoday

භාණ්ඩ රැසක මිල ඉහළ දමමින් වැට් බද්ද අද සිට ඉහළට..

Admin