ඊයේ (ජූලි 13) දිනයේදී කොළඹ පැවති විරෝධතාවලින් පුද්ගලයින් 84 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අග්‍රාමාත්‍ය කාර්යාල අසල ඇති වූ ගැටුමෙන් පුද්ගලයින් 42 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඊයේ සවස් කාලයේදී පාර්ලිමේන්තුව ඉදිරිපිට පොල්දූව මංසන්ධියේදී පැවති විරෝධතාවයේදී තව ත් පුද්ගලයින් 42 දෙනෙකු තුවාල ලබා ඇති බව ය.
එමෙන් ම, තුවාල ලැබූ පිරිස අතර එක් යුද්ධ හමුදා සෙබළෙක්, පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ මාධ්‍යවේදීන් දෙදෙනෙකු ද සිටින බව රෝහල් ප්‍රකාශකවරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය.