Colombo Today Local News

හෙට ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ගැන අමෙරිකානු තානාපතිනියගෙන් විශේෂ පණිවිඩයක්

හෙට කොළඹදී පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ සම්බන්ධයෙන් මෙරට අමෙරිකානු තානාපති ජූලි චං සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබේ.

එමගින් ඇය පෙන්වා දී ඇත්තේ, ප්‍රචණ්ඩත්වය පිළිතුරක් නොවන බව ත් උද්ඝෝෂණය සාමකාමීව සිදු කළ යුතු බව ත් ය.

සාමකාමී විරෝධතාකරුවන්ට විරෝධතාවල නිරත වීමට ඉඩ සහ ආරක්ෂාව ලබා දෙන ලෙස හමුදාවට සහ පොලිසියට තමන් සිහි කැඳවන බව ද ඇය එහි සඳහන් කර ඇත.

බලය භාවිත කිරීමෙන් අවුල්කාරී වාතාවරණයක් නිර්මාණය කිරීම ශ්‍රී ලාංකිකයන්ට මේ මොහොතේ අවශ්‍ය ආර්ථිකය නිවැරදි කිරීමට හෝ දේශපාලන ස්ථාවරත්වය ගෙන ඒමට සමත් නොවන බව ද ඇය වැඩිදුරට ත් එමගින් අවධාරණය කර තිබේ.

Related posts

ජනාධිපතිවරණයට පාතාලයත් ගොඩවෙයි

Admin

ගුවන් හමුදාවට ඇමැරිකාවෙන් බීච්ක්‍රාෆ්ට් යානා දෙකක්

colombotoday

හොරට බඩු කිරා පාරිභෝගිකයන් ගසා කෑ කූට වෙළෙඳුන් 3,500ක් අත්අඩංගුවේ

Admin

කංජිපානිට පපුවේ අමාරුවක්! – බූස්ස නාවික රෝහලට ගෙනිහින්

colombotoday

කොටි කුරිරුකම් ගැන කියන “ඩීමන්ස්‌ ඉන් පැරඩයිස්‌” යාපනයේ ප්‍රදර්ශනය අත්හිටුවයි

colombotoday

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා CID නොයයි…

colombotoday