Colombo Today Local News

පාසල් දරුවන්ගේ ආහාර අවශ්‍යතාවට චීනයෙන් සහල්

චීනය විසින් සහල් මෙට්‍රික් ටොන් 1,000ක් මෙරට අධ්‍යාපන අමාත්‍යංශය වෙත ප්‍රදානය කරනු ලැබ තිබේ.

බාහලුම් 44කින් රැගෙන ආ මෙම සහල් තොගය මෙරට ළමුන් අතර බෙදා දීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය වෙත ලබා දුන් බව චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

සහල් මෙට්‍රික් ටොන් 10,000ක් පාසල් 7,900ක ළමුන් ලක්ෂ 11කගේ ආහාර අවශ්‍යතා සඳහා මාස 6ක කාලයක් ලබා දෙන වැඩ සටහනේ කොටසක් ලෙස මෙම සහල් තොගය පරිත්‍යාග කර ඇත.

තවත් සහල් තොග දෙකක් ඉදිරි සතිය තුළ ලබා දීමට නියමිත බව චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

ඊට අමතරව, නව අවුරුද්ද සඳහා මෙරට පාසල් ළමුන් වෙත නිල ඇඳුම් ලබා දීම සම්බන්ධයෙන් ද අධ්‍යාපන අමාත්‍යංශය සමග සාකච්ඡා කරන බව චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.

Related posts

පොලීසියේ කෲරත්වයට එරෙහිව නව සංවිධානයක්

colombotoday

මෙරටට පැමිණෙන සංචාරකයින්ට ඉන්ධන බලපත්‍රයක්

colombotoday

අරගල කලේ අයිස් ගසා මත්වුණු පිරිසක් – මිනුවන්ගොඩ රැස්වීමකදී අරගල කරුවන්ට දැඩි ප්‍රහාරයක්

Admin

රාජසන්තක කළ කහ කිලෝ 13,000ක් කුළුබඩු මණ්ඩලයට

colombotoday

ඉතිහාසයේ ප්‍රථමවරට පොලිස් රෝහලේ අධ්‍යක්ෂක ධූරයට වෛද්‍යවරයෙක්

colombotoday

කෝටි දෙකක තහනම් වල්නාශක තොගයක් මාට්ටු

Admin