Colombo Today Local News

ලංකාවේ වැදුම්ගෙයි දශක 07 ක් පසු පසට යයි.

ගැබිනි මවුවරුන් රෝහල්ගත කළ නොහැකි වන අවස්ථාවල නිවෙසේදී ම දරු ප්‍රසූතිය කිරීමට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සූදානමින් සිටින බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු පවසයි.

පවතින බරපතළ ඉන්ධන අර්බුදය හමුවේ මෙම තීරණය ගත් බව ඇය සඳහන් කරයි.

රටේ පවතින වතාවරණය යටතේ මේ වනවිටත් ග්‍රාමීය ප්‍රදේශවල යම් යම් ප්‍රවාහන දුෂ්කරතා පවතින බැවින් ඉදිරියේ තවත් බැරෑරුම් විය හැකි යැයි සලකා නිවසේ, ක්ෂේත්‍රයේ හෝ ඕනෑ ම අවස්ථාවකදී දරු ප්‍රසූතියකට මුහුණ දෙන මවකට පහසුකම් සැපයීමට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සූදානම් කරන බවයි ඇය සඳහන් කරයි.

රෝහල්වලදී මෙන් ම, ඕනෑ ම ස්ථානයකදී දරු ප්‍රසූතියක් සඳහා අවසරය හා බලය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් තම සාමාජිකත්වය වෙත පවරා ඇති බැවින් මෙම තීරණය ගත් බව කොඩිතුවක්කු තවදුරටත් සඳහන් කරයි.

Related posts

තිදරු මවට අතවර කළ යක්කලමුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී රිමාන්ඩ්

colombotoday

බස්නාහිර පාසල් වල වසර අවසාන වාර ඇගයීම් විභාගයේ හෙට විෂයන් කල් යයි

Admin

තානාපති කාර්යාල කිහිපයක් වැසෙයි

colombotoday

සයිනයිඩ් කා මියගිය පළමු කොටියා දෙමළ සන්ධානය සමරයි

colombotoday

ඤාණසාර හිමිගේ විහාරස්ථානයට ආරක්ෂාව ඉල්ලයි… වැලිකඩ පොලිසිය බෑ කියයි…

colombotoday

කැළණිතිස්සෙන් නුදුරේදීම මෙගාවොට් 165ක් යළිත් ජාතික විදුලිබල පද්ධතියට

colombotoday