පේරාදෙණිය විශ්වවිද්‍යාලය අද (18)දින සිට වසා දැමීමට පියවර ගෙන තිබේ.
රට පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මෙලෙස එම විශ්වවිද්‍යාලය වසා දැමීමට කටයුතු කළ බව උපකුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවන්ස මහතා ප්‍රකාශ කර ඇත.
ඒ අනුව, අධ්‍යයන කටයුතු ඉන්ටර්නෙට් ඔස්සේ සිදු කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කර ඇත.
නේවාසිකාගාරවල රැඳී සිටින සියලු ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වහා ම නේවාසිකාගාරවලින් පිටත්ව නිවෙස් බලා යන ලෙස ද විශ්වවිද්‍යාල පාලනාධිකාරිය උපදෙස් දී තිබේ.