Colombo Today Local News

විදුලි බල සංශෝධන පනත අද සිට බලාත්මකයි

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත සංශෝධනය කිරීම සඳහා වූ ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පතට අත්සන් තබා තිබේ.

මෙම පනත් කෙටුම්පත පසුගිය 9 දා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සංශෝධන රහිතව සම්මත විය.

යම් තැනැත්තෙකුට විදුලිබලය උත්පාදනය කිරීම පිණිස උත්පාදනය කිරීමේ බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබා දීම මෙමගින් සිදු වේ.

මෙම සංශෝධනය මගින් යම් තැනැත්තෙකුට උත්පාදන ධාරිතාව මෙගාවොට් 25 ඉක්මවා සහ අභිබවා විදුලිබලය උත්පාදනය කිරීමේ බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා ඉල්ලුම් කිරීමට ඇති සීමා ඉවත් කිරීම සහ උත්පාදන ධාරිතාව පිළිබඳ යම් සීමා නියම කිරීමකින් තොරව ඕනෑම තැනැත්තකුට ඒ සඳහා ඉල්ලුම් කිරීමට අවසර ලබාදීම සිදුවනු ඇත.

ඒ අනුව, අද (15)දින සිට ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත 2022 අංක 16 දරන පනත ලෙස ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට එක් වේ.

Related posts

ගෑස් ඉල්ලා දෙහිවලින් ගාලුපාර අවහිර කරයි

colombotoday

මාවනැල්ල දෙවනගල රජමහා විහාරාධිපති හිමියන්ට විරුද්ධව මුස්ලිම් ව්‍යාපාරිකයෙකු නඩු පවරයි.

colombotoday

‘සිංහ’ නමටත් තහංචිද? සිංහ FM සිංහ දේශයට සමු දෙයි

colombotoday

5000 හොර නෝට්ටුවක් සමග හමුදා සෙබළා අත්අඩංගුවට

Admin

මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

Admin

වෛද්‍යවරුත් අද සිට පළාත් මට්ටමින් වැඩ වර්ජනයේ

Admin