Colombo Today Local News

ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබේ.

ඒ, අධිකරණය මගහැර සිටීම සහ නියමිත ස්ථානවල රැඳී නොසිටීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව ය.

අදාළ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් මෙම වරෙන්තුව නිකුත් කරනු ලැබ ඇත.

මැයි 9 වන දා මයිනාගෝගම සහ ගෝඨාගෝගම ඇති වූ සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ද ගොනුකර ගොනු කරනු තිබේ.

Related posts

2020ට පසු වැඩිම සංචාරකයින් පෙබරවාරියේදී

Admin

මිස්ටර් බදුර්දීන් නම්බුව තියාගෙන දැන් යන්න – ඥානසාර හිමි

colombotoday

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

Admin

මහ මෝල්ලු වී හංගයි

Admin

තනි රෝදයෙන් යතුරුපැදි දාවනය කල තරුණයන් හයක් අල්ලයි

colombotoday

බන්ධනාගාරගත රැඳවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් කාබනික පොහොර නිෂ්පාදනය කෙරේ..

colombotoday