Colombo Today Local News

බැස්ටියන් මාවතේ වෙඩි තැබීම පිළිබඳ විමර්ශන CCDයට භාරදෙයි

පිටකොටුව, බැස්ටියන් මාවතේ වෙඩි තැබීම පිළිබඳ විමර්ශන කොළඹ අපරාධට කොට්ඨාශයට (CCD) භාරදී තිබේ.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින්ගෙන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලීසිය පවසයි.

පිටකොටුව බැස්ටියන් මාවතේ පෞද්ගලික බස්නැවතුම්පොළ ආසන්නයේ ඊයේ(30)දින සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලැබුවේ ය.

වෙඩි වැදීමෙන් මියගියේ අනුරාධපුර, මහඉලුප්පල්ලම පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.

27 හැවිරිදි ගාල්ල, නාකියාදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙඩි තැබීමෙන් තුවාල ලැබුවේ ය.

ඔවුන් නඩු කටයුත්තකට පෙනී සිට නැවත යමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණි.

Related posts

ගුරුවරිය දණ ගැස්සූ නඩුවෙන් පා. මන්ත්‍රී චාමර සම්පත් නිදහස්

colombotoday

මගින් හතළිහකට අධික පිරිසක් සිටිද්දී හොරණ බසයක් ගිනි ගනී

Admin

මහජන පෙත්සම් කාරක සභාවේ සභාපති ධූරය යළිත් ජගත් පුෂ්පකුමාරට

colombotoday

උද්ඝෝෂණයකදී පොලීසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් ඇසක් අන්ධ වු සෙබලා රජයෙන් වන්දි ඉල්ලයි

colombotoday

මුහුදු ජලයට එක් වූ තෙල්-රසායන ඉවත් කරන ක්‍රමයක් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණි රාජපක්ෂ කියයි

colombotoday

ගිනිඅවි තුනක් සහ ගංජා ගස් සමඟ අයෙක් අත්අඩංගුවට

Admin