Colombo Today Local News

රන්ජන් ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලාවේ ප්‍රථම වසර අවසාන පරික්ෂණයට.

බන්ධනාගාරගත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමණායක ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලාවේ ප්‍රථම වසර අවසාන පරික්ෂණයට.

හිටපු පාර්ලීමේන්තු මන්ත්‍රී රන්ජන් රාමණායක බන්ධනාගර ගත වීමෙන් පසු ඔහු විසින් ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී තරුණ කටයුතු හා ප්‍රජා සංවර්ධන උපාධි පාඨමාලාව හැදැරීමට අවශ්‍ය බවත්, ඒ සදහා අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙසට කරන ලද ඉල්ලීමට අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා විසින් ඒ සදහා අවශ්‍ය අනුමැතිය ලබා දීමෙන් අනතුරුව අධ්‍යයන කටයුතු සදහා අවශ්‍ය පහසුකම් සලසා දී තිබේ.

ඒ අනුව ශ්‍රි ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදි තරුණ කටයුතු හා ප්‍රජා සංවර්ධන උපාධි පාඨමාලාවේ ප්‍රථම වසර අවසාන පරික්ෂණය සදහා ඔහු ජුනි 04 වන දින සිට පෙනි සිටීමට නියමිතව ඇත.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නීතිරීති වලට අනුකූලව නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව යටතේ ඔහු සහභාගි කරවීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් (පාලන/පුනරුත්ථාපන/මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක ප්‍රකාශකර සිටි.

Related posts

රජයට සහයෝගයෙන් වැඩ කළ හැකි පිරිසක් මහජන උපයෝගිතා කොමිසමට පත් කරනවා | ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල

colombotoday

14 වැනිදා දුම්රිය වර්ජනයක්

Admin

පොදු ස්ථාන තහනම් කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

ප්‍රධාන ජලාශ 73ක ජල මට්ටම 28%ක් දක්වා පහළ යයි

Admin

දේශපාලනඥයන්ගේ සහාය ඇතිව පාතාලයන් කොළඹ තෙත් බිම් වර්ග කිලෝමීටර් 400ක් ගොඩ කරලා

colombotoday

ගාස්තුවකින් තොරව සුරාබදු බලපත්‍ර වර්ග 5ක් අලුත් කිරීමට අවස්ථාව

colombotoday