Colombo Today Local News

නාමල්,පවිත්‍රා,රෝහිත,ඇතුළු 06 මැති ඇමැති හයකගේ ගමන් බලපත් අධිකරණය බාරයට

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන නාමල් රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 06 දෙනකු සිය විදේශ ගමන් බලපත්‍ර කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට අද භාරදී ඇත.

මේ අතර සබරගමු පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා ද සිය විදේස් ගමන් බලපත්‍රය අධිකරණයට භාරදී තිබේ.

මෙසේ ගුවන් ගමන් පත් භාරදුන් අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන්නේ,’සී. බී. රත්නායක, සංජීව එදිරිමාන්න, සම්පත් අතුකෝරල යන මහත්වරුන්ය.

ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමකාමී විරෝධතා ව්‍යාපාරවල සිටි පිරිසට පහරදීමේ සිද්ධියට අදාළව මෙම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හත් දෙනා ඇතුළු 24 දෙනකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට අධිකරණයෙන් නිකුත් වූ නියෝගයකට අනුව මෙම ගුවන් ගමන් පත්‍ර අධිකරණයට භාරදී තිබිණී.

මෙම සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක යන මහත්වරුන් ඇතුළු සැකකරුවන් 14 දෙනකු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Related posts

අගමැති දුන් වෙඩි නොවදින රථය ප්‍රතික්ෂේප කළ හේතුව කාදිනල්තුමන් කියයි…

colombotoday

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත මැතිසබයට

Admin

කොළඹ ප්‍රදේශ රැසකට පැය 14 ක ජල කප්පාදුවක්

colombotoday

O/L ප්‍රතිඵල නිකුත් වෙයි

Admin

දැවැන්ත ජනතා බලවේගය කින් පරගැති දක්ෂිණාංශික බලවේග සුන්නද්දූලි කළා – වාසුදේව නානායක්කාර

colombotoday

වැලි ජාවාරම වටලන්න ගිය කොස්තාපල්වරයා ටිපර් රථයට යටකර මරාදමලා

colombotoday