Colombo Today Local News

ඉන්ධන සහනාධාර ලැබෙන තෙක් පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි

පෞද්ගලික බස් රථ අද පෙරවරුවේ සිට ධාවනයෙන් ඉවත් වූ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පවසයි.

ඩීසල් ලීටරයක් රුපියල් 111 කින් ඉහළ යෑමත් සමඟ දිනකට බස් රථයකට රුපියල් 11,000 ක පාඩුවක් වන බවත් ඉන්ධන සහනාධාරයක් නොදෙන්නේ නම් බස් ගාස්තුව සියයට 35 කින් ඉහළ දැමිය යුතු බවත් ප්‍රියංජිත් මහතා කියයි.

අවම බස් ගාස්තුව රුපියල් 27 සිට 35 දක්වා වැඩිවිය යුතු බව කී අංජන ප්‍රියංජිත් මහතා ඉන්ධන සහනාධාරයක් ලබාදෙන්නේ නම් හෙට සිට සාමාන්‍ය පරිදි බස් ධාවනය කිරීමට සූදානම් බව ද සඳහන් කර සිටි.

Related posts

කෘත්‍රීම බුද්ධිය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයක් පිහිටුවීමට අනුමැතිය

Admin

පවුල් 1387ක පුද්ගලයන් 45091ක් වැස්සෙන් පීඩාවට

colombotoday

“බලාපොරොත්තු සුන් වුණා.. අප කළ වෙනසෙන් රටට වුණේ විනාශයක්.. ඉදල වැඩක් නෑ“ – රතන හිමි

colombotoday

අජිත් P පෙරේරා ජන්ද ගන්න තමන්ගේ ජාතකෙත් වෙනස් කරා – තෙවරප්පෙරුම

colombotoday

අන්තවාදයට එරෙහිව සැරට කතා කළ “ඩෑන්“ පොලිස් අත්අඩංගුවට.. නීතීඥ සහයත් නැතිව රිමාන්ඩ් කරයි !

colombotoday

අධිකරණයට අපහාස කිරීම : රන්ජන්ට එරෙහි නඩුව විභාග කර අවසන්

colombotoday