Colombo Today Local News

ධීවර කැබිනට් ඇමති සහ රාජ්‍ය ඇමති එළිපිට ගැටෙයි.. “වෙදආරච්චිව සත පහකට විශ්වාස නෑ” – මහින්ද කියයි

mahinda dilipධීවර රාජ්‍ය අමාත්‍යවරයා තමන්ට බලතල දෙන්න කියලා කියනවා, නමුත් බලතල දෙන්න නම් විශ්වාසවන්ත කෙනෙක් වෙන්න ඕන. මට එහෙම පේන්නෙ නැති නිසා මම බලතල සීමාසහිතව දීලා තියෙන්නේ. මගේ සියලු බලය දෙන්න පුළුවන් තරමේ විශ්වාසයක් මට නෑ. එයාට අසාධාරණයක් වෙලා තියෙනවා නම් ඒ බව අගමැතිතුමාට හරි ජනාධිපතිතුමාට හරි කියලා වෙන අමාත්‍යංශයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. දිලිප් වෙදආරච්චි මහත්තයාට ධීවර අමාත්‍යංශය එපා නම් වෙන අමාත්‍යංශයක් ඔහුට දෙන්න.’

මෙසේ පවසන්නේ ධීවර කැබිනට් අමාත්‍ය මහින්ද අමරවීර මහතාය. යහපාලන ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන්, රාජ්‍ය ඇමතිවරුන් හා නියෝජ්‍ය ඇමතිවරුන් අතර අමාත්‍යංශ බලතල සම්බන්ධයෙන් මතගැටුම් ඇතිවී තිබෙන අතර ධීවර කැබිනට් ඇමතිවරයා සහ රාජ්‍ය ඇමතිවරයා අතර මතගැටුම දැඩි කතාබහට ලක්වී තිබේ.

‘මම එතුමාට වාහන පවා අවශ්‍ය ප්‍රමාණයට දීලා, වැඩිපුරත් දීලා තියෙනවා. එතුමාට අවශ්‍ය කාර්ය මණ්ඩලයට අතිරේකව තවත් නිළධාරීන් ලබා දීලා තියෙනවා. ඒ වගේම මම පුද්ගලිකවත් එතුමාට උදවු කරලා තියෙනවා.’

ඊයේ (01) හලාවත පැවැති ධීවරයින්ගේ විරෝධතාවය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා අදහස් දැක්වීය.

‘තහනම් පන්න ක්‍රම පිළිබද රටතුළ විරෝධතාවයන් පැවැත්වෙන බව අපට වාර්තා වී තිබෙනවා. ඒ අනුව මම පැහැදිලිව කියන්න කැමතියි, අපි මේ වනවිට තහනම් කර තිබෙන ලයිලා සහ සුරුක්කු දැල් ලබාදීමේ කිසිම සුදානමක් නෑ. එය පෙබරවාරි 21 සිට තහනම් කර තිබෙනවා. මේ තහනම පටන් ගත්තෙත් මගේ කාලපරාසය තුළමයි. මේ පිලිබඳව සියලුම දේ කර තිබියදීත් සමහර සංවිධාන දේශපාලන වාසි ලබා ගැනීම සඳහා කටයුතු කරන බව පේනවා. සමහර දේශපාලනඥයනුත් මේ විරෝධතාවල මුලිකත්වය ගෙන තිබෙනවා. මම ඉතාමත් ඕනෑකමින් කියා සිටිනවා, මේ තහනම් කරපු පන්න ක්‍රම නැවත ලබාදීමට කිසිම සුදානමක් නෑ. ඒ වගේම මේ තහනම් කිරීම් කරන්නේ නාරා ආයතනය දෙන නිර්දේශ අනුව දේශපාලන තීරණ මත තහනම් කිරීම හෝ තහනම ඉවත්කිරීම කරන්නේ නෑ.’

Related posts

‘ගුටිකෑ මාධ්‍යවේදියා පැමිණිළි කර ඇත්තේ වැරදි පොලිසියකටයි‘ – අගමැති

colombotoday

ඉස්සරහට යන්න නම් කරන්නම ඕන වෙනසක් ගැන මහේල කියයි…

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහි අතුරු තහනම සඳුදා තෙක් දීර්ඝ කරයි

colombotoday

නව ව්‍යවස්ථා යෝජනාවල තියන්නේ NGO කාරයන්ගේ අදහස් – මධ්‍යම මහඇමති

colombotoday

Photos : මීගමුව නොසන්සුන්… හෙට උදේ 7 දක්වා ඇඳිරිනීතිය පනවයි

colombotoday

කොළඹ ලෝටස් මාර්ග අවහිර වෙයි

Admin