Colombo Today Local News

සුබේරිට සල්ලි ගෙව්ව හැටි කබ්රාල් කියයි

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සිදුකරන චෝදනාව අසත්‍ය බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ඒ, නිසි අනුමැතියකින් තොරව, “එක්සත් ජනපද CIA නියෝජිතයෙකු” වන ඉමාද් සුබේරි තැනැත්තාට ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් 2014 වසරේ දී ගෙවා ඇති බවට සිදු කළ චෝදනාවය.

පසුගිය දශක දෙකක කාලය තුළ මෙරට පාලනය කළ වත්මන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ දේශපාලනඥයින් සිදුකළ බව කියන දූෂිත ගනුදෙනු රැසක් ජනතා විමුක්ති පෙරමුණ සහ දූෂණ විරෝධි හඬ සංවිධානය ඊයේ (03) අනාවරණය කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී එම වංචා දූෂණවලට අදාළ ලිපිගොනු 200කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රසිද්ධ කෙරුණි.

කෙසේවෙතත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා පෙන්වා දෙන්නේ 2014 වසරේදී මහ බැංකුව විසින් මෙම ගෙවීම් සිදුකර ඇත්තේ රජයේ ලිඛිත සහ නිල උපදෙස් මත බවය.

ඒ අනුව ඇමරිකානු එක්සත් ජනපදයේ සිදු කරන ලද විවිධ ප්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙන් එවකට රජය විසින් මෙම ගෙවීම සිදුකර ඇති බව ඔහු සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා එල්ල කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද කබ්රාල් මහතාගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Related posts

මුඛ පිළිකා රෝගීන් 09 ගුණයකින් ඉහළට

colombotoday

අරලියගහ මැදුරේ යහපාලන මැතිවරණ දන්සැල් !

colombotoday

අම්බලන්ගොඩත් වෙඩි තැබීමක්

Admin

මෙරට පාසල්වල ඉන්නා ළමයින් ගණන හරියටම දන්නේ නෑ – අධ්‍යාපන ඇමති

colombotoday

ත්‍රිපිටකය ජාතික උරුමයක් කරන හෙට දින සෑම නිවසකම බෞද්ධ කොඩිය ඔස්වන්න – ජනපති කාර්යාලයෙන් ඉල්ලීමක්

colombotoday

බොරතෙල් මිල ඉහළට

colombotoday