Colombo Today Local News

චීන තානාපති සහ විපක්ෂ නායක අතර හමුවක්

ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhon මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිණි.

පවතින ව්‍යසනකාරී මොහොතේ ශ්‍රී ලංකාව වෙත සහෝදරත්වයේ දෑත් දිගු කරන චීනයට සිය ස්තූතිය පුද කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

දීර්ඝ කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාව සහ චීනය අතර පවත්නා ද්විපාර්ශ්වීය සබැඳියාව පිළිබඳවද එහිදී සිහිපත් කර තිබේ.

ශ්‍රී ලංකාව වර්තමානයේ සිටින තත්ත්වයෙන් ගොඩ ගැනීම වෙනුවෙන් චීනයේ නොමසුරු සහයෝගය අත්‍යාවශ්‍ය බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ වෙනුවෙන් මැදිහත් වන ලෙසද තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබදතා තවදුරටත් වැඩි දියුණු කිරීම පිළිබදව මෙහිදී විශේෂ අවධානයක් යොමුව ඇත.

දෙරට අතර අන්‍යොන්‍ය සහයෝගිතාවය පිලිබදව ද මෙහිදී සාකච්ඡාවට ගෙන ඇත.

Related posts

අත්‍යවශ්‍ය භාණ්ඩවල වෙළෙඳපොල කඩා වැටෙයි

colombotoday

කරුණා මරා දැමීමේ තැතක් නූලෙන් වැළකේ.. හිටපු කොටි ප්‍රබලයා බඩුත් එක්කම මාට්ටු !

colombotoday

වියපත් නොවූ ‘අකාලික පෞරුෂය‘… මහින්දගේ පුතු හෙළිකරයි !

colombotoday

ඉතිහාසයේ ප්‍රථම වතාවට පරිපාලන සේවයත් වර්ජනයට එක්වෙයි

colombotoday

ගවයන් බදින්න ගිය දෙදරු පියකුගේ මළ සිරුර මාළු දැලක පැටලි එයි

colombotoday

විදුලි සැර වැදී පාසල් සිසුවියකට දිවි අහිමි වෙයි

Admin