ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) ඉන්ධන නිකුත් කිරීම සීමා කර ඇති බවට ඉන්ධන පිරවුම්හල් හිමියන් පවසයි.
අප්‍රේල් මස 12,13 සහ 14 දිනවලදී ඉන්ධන පිරවුම්හල් වෙතින් ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ඊයේ(11)දින ගනු ලැබීය.
ඒ අනුව එම දිනයන් හි ඉන්ධන පිරවුම්හලින් වෙතින් කෑන් සහ බූලි වෙත ඉන්ධන නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට පියරව ගෙන ඇත.
අප්‍රේල් 12, 13 සහ 14 යන දිනයන් හි විදුලි කප්පාදුවක් සිදු නොවන නිසා කෑන්වලට ඉන්ධන ලබාදීමේ අවශ්‍යතාවයක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි.