Colombo Today Local News

මහින්දගේ රත්තරං හොයන්න ලියනගේගේ පිහිනුම් තටාකය හෙට හාරයි

පීකොක් මන්දිරයේ සම්බන්ධයෙන් වැඩියෙන්ම කතාබහට ලක්වුනේ ඒ මන්දිරයේ පිහිනුම් තටාකයේ වතුර වෙනුවෙන් වැලි පුරවලා ඒ තුළ රත්තරං වගේම මුදල් තැන්පත් කරලා කියන කටකතාවත් එක්කයි.

මේ ගැටළුව සම්බන්ධයෙන් ඒ.එස්.පී. ලියනගේ මහතා පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාට දැනුවත් කළා.

ඒ අනුව පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා නියෝජ්‍ය පොලිස්පතිකෙනෙකු හරහා කොළඹ අපරාධ කොට්ඨාශයට මේ ගැන දැනුම් දුන්නා.

ඊට පස්සේ කොළඹ අපරාධ කොට්ඨාශය ඒ.එස්.පී ලියනගේ මහතාගෙන් පැය තුනක පමණ කාලයක් ප්‍රකාශයක් සටහන් කර ගත්තා.

එහි ප්‍රතිඵලයක් විදිහට අද (28) මීට ස්වල්ප මොහොතකට පෙර කොළඹ අපරාධ කොට්ඨාශය ලියනගේ මහතාට දන්වලා තියෙනවා හෙට (27) පීකොක් මන්දිරයේ පිහිනුම් තටාකය හාරා ඒ තුළ යම් දෙයක් තිබේ ද යන්න පිළිබදව විශේෂ පරීක්ෂණයක් සිදුකරන කියලා.

Related posts

පළාත් පාලන මැතිවරණය ගැන ත්‍රිපුද්ගල කමිටුවෙන් අලුත් යෝජනාවලියක්

colombotoday

පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාරගේ දේහය අද දිවයිනට

colombotoday

ගෝඨාගෙන් අගරඳගුරුතුමන්ට සහතිකයක්

colombotoday

මානව හිමිකම් කොමිසමේ හෙට විශේෂ රැස්වීමක්

colombotoday

දුර්ලභ ගණයේ කළු කොටියා මිය යයි

colombotoday

අක්කරෙයිපත්තුව කර්මාන්තශාලාවක ගින්නක්

colombotoday