Colombo Today Local News

බැසිල්ට එරෙහිව විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවට ?

වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මුලික වශයෙන් වගකිව යුතු බවට චෝදනා කරමින්, ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිරිසක් මේවනවිට රහසිගත මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 සන්ධානයේ නායකයින් මෙම විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කිරීමට මුලිකත්වය ගෙන තිබේ.

එම සන්ධානයේ ආරංචිමාර්ග වලට අනුව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 50 දෙනෙකුට වැඩි පිරිසක් ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී එම විශ්වාස භංගයට අත්සන් කිරීමට නියමිතය.

ඒ සඳහා තවත් අමාත්‍යවරුන්ගේ සහාය ලබාගැනීමට මේවනවිට සාකච්ඡා පැවැත්වේ.

Related posts

ගිනිගත් ඉන්ධන නෞකාව නාවුක සැතපුම් 35ක් දුරකට රැගෙන යයි

colombotoday

මුදල් අමාත්‍යාංශ ලේකම් ගෙන් නව චක්‍රලේඛයක්

colombotoday

ගම්පහට තවත් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක්

colombotoday

විල්පත්තු මායිමේ රක්ෂිතයක් මුස්ලිම් මවුලවි කෙනෙක් සිකුරාදා මහ රෑ එලි කරලා…

colombotoday

මන්නාරම ප්‍රාදේශීය සභාවට නව සභාපතිවරයෙකු පත් කිරීම වළක්වමින් අධිකරණ නියෝගයක්

colombotoday

තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගත් CCD කොස්තාපල් වෙනත් අංශයකට භාර දෙයි

colombotoday